*
Wednesday, June 26, 2024
spot_img

Latest Posts

රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල IMF අනුමත කරයි.ආර්ථියක තවමත් අවධානමේ.ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලීමක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙන විස්තීර්ණ ණය පහසුමක් යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා රජය හඳුන්වා දී තිබෙන නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිගෙන තිබේ.

ඒ අනුව එම ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක අකරණ ලෙසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා තිබෙන්නේ.

IMF විධායක මණ්ඩලය ඊයේ (12) දින ඇමරිකාවේ වොෂින්ටහිදී රැස්ව තිබුණු අතර එහිදී ශ්‍රී ලංකාව සමබන්ධයෙන් දෙවන සමාලෝචනය සම්පූර්ණ කර තිබුණි.

ඊට අදාළ වාර්තාව නිකුත් කරමින් ඔවුන් පවසනේ වෙළඳාම තවදුරටත් ලිහිල් කිරීම,ආයෝජන වාතාවරණය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පරතරය අඩු කිරීම සහ දේශගුණික අවදානම් අවම කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතාවයෙහිලා සලකන ලෙසයි.

IMF උපදෙස් පරිදි 2023 දෙසැම්බර් අවසානය සඳහා වන සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගෙන තිබෙන අතර සමාජ වියදම් පිළිබඳ ඇඟවුම් ඉලක්කය හැර. 2024 අප්‍රේල් අග වන විට බොහෝ ව්‍යුහාත්මක වෙනස්කම් ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ.

කෙසේවෙතත් රටේ ආර්ථිකය තවමත් අවදානමට ලක්ව තිබෙන බවත් ණය තිරසාරත්වයේ මාවත තවදුරටත් පැහැදිලි නැති බවත් පෙන්වා දී තිබේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම,මිල ස්ථායිතාව පවත්වා ගැනීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම ඇතුළුව ආර්ථික වර්ධනයට නැඹුරුවන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් පරාසයක ප්‍රතිසංස්කරණ කෙරෙහි ඔවුන් අවධානය යොමුකර ඇති බවයි දැක්වෙන්නේ.

ප්‍රතිසංස්කරණ ඵල දරන බව සඳහන් කරමින් IMF පවසන්නේ අරමුදල්- ආධාරක වැඩසටහන යටතේ මෙරට බලධාරීන්ගේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය විධායක අධ්‍යක්ෂවරු විසින් පැසසුමට ලක් කර ඇත.

”ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇත.උද්ධමනය අඩු මට්ටමක පවතී.ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතී. සහ සංචිත අඛණ්ඩව එකතු වෙමින් තිබේ. කෙසේ වෙතත්, දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද ඇතුළුව වැදගත් දුර්වලතා සහ අවිනිශ්චිතතා පවතිනවා. මෙම පසුබිමට එරෙහිව, ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීම සඳහා මැදිහත්විය යුතුයි.” යනුවෙන් IMF තවදුරටත් අවධාරණය කර ඇත.

කෙසේවෙතත් සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබෙන අතර එම විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

එම වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 336ක් බවයි දැක්වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan