යුක්‍රේන ජනපතිගේ උපන් ගමට ප්‍රහාරයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ උපන් ගමට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 9 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ දකුණු නගරයක් වන ක්‍රිව්යි රි වෙත රුසියාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පැවසේ.

යුක්‍රේන නීතිපති කාර්යාලය පවසන්නේ එම මිසයිල නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කර ඇති බවත්, ඉන් තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දක්වා නොමැති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...