නවසීලන්තයටත් ලංකාවේ ඉරණමම?

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්තයටත් ඉදරියට යාමට තිබෙන බලාපොරොත්තු බොහෝ දුරට අද වැසී ගියේය.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 13 න් පරාජය වීම නිසාය.විශාල වෙනස්කමක් හෝ සෙසු කණ්ඩායම්වලට කාලගුණ බලපෑමක් ඇති නොවන්නේනම් නවසීලන්තයට ද සුපිරි අට වටයට යාමට අවස්ථාවක් නැත.


තරගාවලියට ඒ සහ බී කාණ්ඩවලින් තරග වැදුණු කණ්ඩායම් සඳහා ප්‍රධාන ධාරාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දෙක බැඟින් ඇතුළත් වූ අතර සී සහ ඩී කාණ්ඩයෙන් තරග වඳින කණ්ඩායම් අතරට එක සමූහයකට එවැනි රටවල් තුනක් ඇතුළත් විණි.නවසීලන්තය අයත් වුණ සී කාණ්ඩයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම,ඇෆ්ගනිස්තානය සහ නවසීලනත්ය ඇතුළත් විය.ඩී කාණ්ඩායට ඇතුළත් වුණේ ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය යන කණ්ඩායම්ය.


ඒ අතරින් සි කාණ්ඩයේ දී නවසීලන්තයට එම සමූහයේ සිටි ප්‍රබලතම කණ්ඩායම් දෙක සමඟ තරග වඳින්නට සිඳු විය.දෙකම පරාජය විය.ශ්‍රී ලංකාවට ද සිඳු වුණේ පළමු තරග දෙකේදී සමූහයේ සිටි ප්‍රබලම කණ්ඩායම් දෙක හමුවන්නටය.ශ්‍රී ලංකාවට ද සිඳු වූයේ නවසීලන්තයට අත් වූ ඉරණමම ය.වඩාත් තරගකාරී ලෙස ප්‍රතිවාදීන් හා සටන් වැදුණෙු මේ කණ්ඩායම් දෙකින් කුමන කණ්ඩායම ද කියා කවුරුන් හෝ විමසුවොත් මේ ලේඛකයාට අනුව ශ්‍රී ලංකාව වන අතර එය තරගවල ලකුණු විස්තර සසඳා බලමින් විසඳා ගැනීම ඔබේ සිතුවිලිවල හැඩයට අනුව කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...