අශෝක ජයතුංග e කොළම.

Date:

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු…..?

🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික ජනපති පමණක් හමුවීම…..?

🍎රනිල් මහින්ද මෛත්‍රී ගිය හැමවිටම චාන්සලර් හමුවීම හා මෙදා එසේ නොවීම…..?

🍎තුනෙන් එකක් අඩුකරන්න ආපු ලයිට් බිලට ඇරීම….?

🍎 දෙවන වරටත් රනිල් ගෙන් CID ට ටියුෂන් පාරක්….!

🍎බටලන්ද නාට්‍ය කැන්සල්….?

🍎හිටපු අය රට යනවිට ප්‍රහාර එල්ල කල මාළිමා නායකයා නිතිපතා රට සවාරි….?

🍎රට පාවාදීම හැර සවාරි වලින් ගෙනා දේවල් ගැන විවේචන….?

🍎අර්චුනාගේ චෝදනාවෙන් සතියකට පසු ජර්මනියේදී දෙමළ ඩයස්පෝරාව හමුවීම….?

🍎රට ගිහින් නොදන්න මගුල් අත්සන් කරනු එපා යයි සමාජ මාධ්‍ය ප්‍රහාර…..?

🍎ජවිපෙ විපක්ෂයේ දී සියලු වැරදි දේශපාලකයන්ට පටවා දැන් නිළධාරීන්ට පැටවීම හා රට  නතරවීම…..?

🍎ජනපති සමාවත් රාජ්‍ය නිළධාරීන්ගේ හිස මතට…?

මාළිමාව  සිස්ටම් චේන්ජ් කොට  ජනතාවට සහන දෙන බව කීව ද තවම පාරකට තාර තාච්චියක් හෝ දැමූ බවක් පෙනුනේ නැත. එහෙත් රනිලා ට පිටරට යන අමාරුව තිබෙන බවකියා එම වියදම් ගැන ප්‍රහාර දුන් ජවිපෙ ජනපති මාස කීපයට රටවල් රැසක ගොස් තිබේ.ඉන් රටට ලැබුණු දේවල් ගැන පැහැදිලි නැත.

ඉන්දියාවට ගොස් රට පවා දෙන ගිවිසුම් ගැසූ බවට චෝදනා නැගිණ. එම ගිවිසුම් එළි නොකිරීමෙන්ම චෝදනා වල සාධාරණ බවක් පවතින බවට තර්ක පවතී. චීනයේ ගොස් ඩො බිලි 3.5 ක ආයෝජන ගෙනා බව කීවද එම කටයුතු වලින් 99%ක් රනිල් ආණ්ඩුව නිමකොට තිබූ බව දන්නෝ දනිති.ඩුබායි ගමන සමුළුවකට නිසා එවැන්නක දී සිදුවන්නේ ජත්‍යෙන්තර භාෂා ප්‍රවීණත්වය තුළ එම නායකයන් පෞද්ගලිකව ටැකල් කිරීමය. එය හොදින්ම කෙරුණේ රනිල් අතිනි.

ජනපති අනුර ගේ අලුත්ම ගමන ජඒමනියටය. එහි අරමුණ, හමුවන අය, ඇතිවන කතාබහ, එළඔීමට ගිවිසුම් තිබේ නම් ඒ ගැන ද කිසිදු විස්තර එළිවී නොමැත. ජනපති එහි ගියේ එරට ජනපතිගේ ආරාධනයෙන් බව  ආ පුවත අලුත් දෙයකි. මන්ද ජර්මනියේ රාජ්‍ය නායකයා ජනපති නොව චාන්සලර් ය. ජනපති අනුර චාන්සලර් හමුවන බවක් එළිදක්වා නැත.වාහන පේලියක ආරක්ෂා සහිතව ගෙනයාම හමුදා ආචාර පිරිනැමීම ඔිනම රාජ්‍ය නායකයෙකුට ලැබෙන ජාත්‍යන්තර සම්මුතීන්ට එකග පිළිවෙත්ය. ඒ ගැන වැටහීමක් නැති පිරිස් කවි ගී රචනා කිරීම නොදන්නා බව පෙන්වීමකි. ජර්මන් දෙමළ ඩයස්පෝරාව හමුවන අවස්ථාවක් ද මෙම සංචාරය තුළ තිබෙන බවට සමාජ මාධ්‍ය වල පළවී තිබිණ. මන්ත්‍රී අර්චුනා කොටි අවි රැගත් කන්ටේනර් මාළිමාව රහසේ රට තුළට ගත් බවට චෝදනා කොට සතියක් තුළ ජර්මන් යාම ද දෛවෝපගතය.

“වෙනත් භාෂා වලින් එන නොතේරෙන කිසිවකට අත්සන් නොකොට එනවා නම් ඇති” සමාජ මාධ්‍ය වල තිබුණේ එහෙමය. හිරකරුවක් නිදහස් කිරීමට ජනපති අත්සන් කළ ලේඛනය දැන් විශාල අර්බුදයකට යාම ද ඒ හරහා මූර්තිමත් වේ. එහෙත් මීට පෙර ජර්මනියට ගිය ලංකා නායකයන් එරට ප්‍රධානී චාන්සලර්ගේ ආරාධනයෙන් ගියහ.මෙවර එසේ සිදු නොවීම මාළිමාවේ පසුබෑමකි.

අත ගසන හැම දෙයක් සේම ජනපති සමාව ද ඇනිලාය. බන්ධනාගාර නිර්දේශ අධිකරණ අමාත්‍යාංශය හරහා නිසි අධීක්ෂණය තුළ ජනපති ලේකම් ට ලැබී ඒ හරහා ජනපති අත්සන් කිරීම හා සිරකරුවන් නිදහස් කිරීම සිදුවේ. එවැනි සරල ක්‍රමවේදයක්  අනා ගන්නේ නැතුව සිදුකිරීමට අදාළ සියලු දෙනා අසමත්ව තිබේ. දැන් එම වැරැද්ද රාජ්‍ය නිළධාරීන්ගේ පිටින් යැවීමට උත්සාහයක් තිබේ. ජනපති හා එම ලේකම් අධිකරණ ඇමති හා එම ලේකම් මීට සම්බන්ධ නැති සෙයක් රටට අගවා තිබේ.

ජවිපෙ විපක්ෂයේ සිටියදී සියලු වැරදි වලට අල්ලා ගත්තේ ආණ්ඩුවේ දේශපාලකයන්ය. දැන් ජවිපෙ ආණ්ඩුවේ නිසා සියලු දේ රාජ්‍ය නිළධාරීන් පිටින් යැවීමේ අනතුරුදායී පසුබිම තුළ නිළධාරීන් තිගැස්සී වැඩ නොකොට ඇඟ බේරාටගන සිටින තත්වයට පත්ව තිබේ. රටේ කිසිදු වැඩක් සිදුනොවී සියල්ල එකතැන පල්වීම දැන් සිදුවන්නේ ඒ තුළය. තුනෙන් එකක් අඩුකල හැකි බව කී විදුලි බිල තව වැඩි කිරීම ජනතාව තවත් අනාථ කිරීමකි.

බටලන්ද නාට්‍ය කැන්සල්ය. එහෙත් රනිල් CID ගියේය.   මාළිමාවුන් චූන් කිරීමට ගත් තීන්දුවකට අනුව යයි කියවේ. කැබිනට් තීන්දු ගැන විමසීමක් සිදුකොට ඇති අතර කැබිනට් රහස් CID යට තබා අධිකරණයටවත් විමසීමේ බලයක් නැත බවට ටියුෂන් පාරක් දී රනිල් රුසියා ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව මියගිය යුක්රේන සොල්දාදුවන්ගේ මළ සිරුරු 1,200 ක් ආපසු ලබා දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : රුසියාව මියගිය යුක්රේන...

වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යර්ථ වෙයි!

කොළඹ LNW:මරදාන,කෝවිල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමේ උත්සාහයක් අද...

අයෝමාල් තරණය කළ ඓතිහාසික කඩුල්ලෙන් ඉනික්බිති, හෙට පෙණෙන කව්ළුවෙන් දකින්න

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ක්‍රියාත්මක ජාතික මලල ක්‍රීඩා...

එයාර් ඉන්දියා යානයට අත් වූ ඛේදනීය ඉරණමට හේතුව කුමක් වීද?

සටහන – පුලීජූනි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් බ්‍රහස්පතින්දා දහවල්...