*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ලිට්‍රෝ ගෑස් සමාගමට මොකක්ද වුණේ ? – සේවකයින්ම පැහැදිලි කරයි (VIDEO)

ලිට්‍රෝ ගෑස් සැපයුම අඩාල වීමට බලපා ඇත්තේ රටේ පවතින ඩොලර් අර්බුදය පමණක්ම නොවන බවත් පසුගිය වසර දෙක තුළ එහි සභාපතිවරුන් ගෙනගිය අකාර්යක්ෂම සහ අඥාන පාලනය බවත් එම සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරණ කළමනාකාර පියල් කොළඹහෙට්ටිගේ මහතා පවසයි.

“ලිට්‍රෝ ගෑස් සමාගමට මොකක්ද වුණේ ? මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. ලිට්‍රෝ ගෑස් සමාගම 2019 අවුරුද්ද වෙද්දී රුපියල් බිලියන 20ක ඉතුරුම් තිබුණු සමාගමක්. ඒ විතරක් නෙවෙයි 2019 ලබද්දී රාජ්‍ය ආයතනයක් විදියට භාණ්ඩාගාරයට රුපියල් බිලියන 50ක් සුභසාධනය සඳහා ලබාදුන් සමාගමක්. අද වෙද්දී අර ගෙනාපු නැවට සල්ලි ගෙවනවා තියා අපි රුපියල් බිලියන 10ක් ණයයි. ඒ විතරක් නෙවෙයි සමාගමේ මූල්‍ය තත්වය බිංදුවටම බැහැලා හින්දා අපට රුපියල් බිලියන 6ක බෑන්ක් ගැරන්ටියකුත් දීලා තියෙනවා. මේ පසුගිය අවුරුදු දෙකේදී වෙලා තියෙන්නෙ දැවැන්ත ආදායම් ලබන සමාගමක් ලෝකෙට ණය කරලා. මේ වෙද්දී ලක්ෂ 40කට ආසන්න පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඉතා අසරණ තත්වයකට පත්වෙලා.

ලංකාවට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ලිට්‍රෝ ගෑස් සමාගමට බලපාලා තියෙන්නෙ මේ ඩොලර් ප්‍රශ්නයම නෙවෙයි. ඩොලර් ප්‍රශ්නයේ යම් බලපෑමක් තියෙනවා, නමුත් ප්‍රධාන කාරණය තමයි පසුගිය වසර දෙකේ අදූරදරශී පාලනය. අපි ඇවිල්ලා මේ සාගර කලාපයේ කුඩා LPG ලබාගන්නා සමාගමක්. අපට ගෑස් සැපයුම් කරන්නෙ මසකට ගෑස් මෙට්‍රික් ටොන් මිලියන 2කට වඩා සපයන සමාගමක්. අපට පුළුවන්ද එවැනි සමාගමකට බලපෑම් කරන්න ? අපි කරගත්තේ මේ කලාපයේ හොඳම ගෑස් සැපයුම්කරුවාව තරහා කරගත්තු එක. මේ තට්ටු මාරු සභාපතිලා බෝල පාස් කරගන්න අස්සේ වුණේ ඒක. මේ අඥාන තීරණය නිසා තමයි අද ගෑස් සැපයුම නැතිවුණේ.

මේ අවුරුද්දෙ සභාපතිලා තුන්දෙනෙක් මාරු කළා. ඒ තුන්දෙනා මොකක්ද කළේ ? අරයා මෙයාට මාෆියා කියනවා, එයා මෙයාට බෝලෙ පාස් කරනවා, එක සභාපති කෙනෙක් ගෑස් ගේන්න සල්ලි නෑ දර පාවිච්චි කරන්න කියනවා. අනිල් කොස්වත්ත මහත්තයා ආවා ටික කාලයක් එතුමා මේක හරියට කළමනාකරණය කළේ නෑ එතුමා ගියා. ඊට පස්සෙ තෙෂාර ජයසිංහ ආවා, එතුමා ආපු ගමන් කලින් සභාපතිතුමාට ගැහුවා මාෆියා එකක් කරනවා කියලා. තෙෂාර තමයි මේ ගෑස් සමාගමේ ඉතිහාසයේ හරියට ගෑස් නැවක්වත් ගේන්න බැරුව ගිය සභාපතිවරයා. ඔහු මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. එයා ගියාට පස්සෙ විජිත හේරත් ආවා. එතුමාත් කළේ පරණ ක්‍රමයමයි. කලාපයේ ඉන්න හොඳම ගෑස් සැපයුම්කරුවාව තරහා කරගෙන, මූල්‍ය කළමනාකරණය හරියට කරගන්නෙ නැතුව අවසානයේ එතුමාත් ගියා. ඉතින් අපට අද කියන්න ඕනෙ කරලා තියෙන්නෙ කරුණාකරලා මේ ආයතනයට දැවැන්ත නායකයෙක් එවන්න. පළපුරුදු නායකයෙක් එවන්න”

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan