සහල් හිඟය නිර්මාණය කරන්නේ අවුරුද්දකට වී තොග තියෙන මහා මෝල් හිමියන් – එ.ස.නි.ස.

Date:

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් මේ වනවිට සංවිධානාත්මකව වෙළඳපොල තුළ සහල් හිඟයක් නිර්මාණය කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි.

“පොලොන්නරුවේ දැන් ගියත් ඉන්ධන පිරවුම්හල්වලට මේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ලොරි 75 – 100ක් දිනපතා පෝලිමේ තියෙනවා. හැබැයි මේ ඉන්ධන පුරවාගත්තාට මේ ප්‍රමාණයට අදාළව හාල් ප්‍රවාහනය වෙන්නෙ නෑ. මේක වගකීමෙන් කියන්නෙ, ඔවුන් චේතනාන්විතව සැලසුමකට අනුව වෙළඳපොළ තුළ සහල් හිඟයක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒකෙ අරමුණ තමයි මහා පරිමාණ මෝල් හිමියන් අර පහුගිය කන්නයේ රුපියල් 100ට එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා කන්නයේ රුපියල් 60 – 70 ට ගත්තු වී ටික සහල් කරලා වැඩි මිලට අලෙවි කරගැනීමේ අරමුණින් රට ඇතුළේ සහල් හිඟයක් නිර්මාණය කරමින් පවතිනවා. මේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව මේ වෙද්දී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. ඒ වී තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 50ක්. හරියටම මාස 12ක් අඛණ්ඩව සහල් නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන් ඒ වී තොගය පාවිච්චි කරලා. මේ සියලු දේවල් රජය දන්නවා හැබැයි කිසිදු පියවරක් ගන්නෙ නෑ”

දේශීය සහල් සඳහා පමණක් උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් ඵලක් නොවන බව පැවසූ ඒ මහතා ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් පැනවිය යුතු බවයි සඳහන් කළේ.

මුදිත් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...