ලිට්‍රෝ සමාගමේ සමස්ත සේවකයින් මුදිත පීරිස්ගේ ආගමනය බලාපොරොත්තුවෙන් …

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ සමස්ත සේවකයින් එහි සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතාගේ ආගමනය බලාපොරොත්තුවෙන් සිටින බව එම සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරණ කළමනාකාර පියල් කොළඹහෙට්ටිගේ මහතා පවසයි.

“මේ වෙද්දී අපට ආරංචි වෙලා තියෙනවා අග්‍රාමාත්‍යතුමායි, සාගල රත්නායක මහත්මයායි දෙන්නා නමක් යෝජනා කරලා තියෙනවා. මුදිත පීරිස් කියන්නෙ 2019 රුපියල් බිලියන 20ක ඉතුරුම් එක්ක මේ සමාගම අර සභාපතිලාට භාරදුන්නු නායකයා. මුදිත පීරිස් මහත්තයා තමයි මම දන්න ඉතිහාසයේ රජයටත් ආදායම් දීලා සමාගමත් හොඳට කළමනාකරණය කරලා රටේ ජනතාවටත් සේවය කළේ. එතුමා ඉන්න කාලේ මේ නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු තිබුණේ එක ටොන් එකකට 136 යි. එතුමා ඒක ඇමරිකානු ඩොලර් 48 ට අඩු කළා. එතුමා ගෑස් අලෙවි කළේ රුපියල් 1396 ට. විනිමය අනුපාත මත තර්ක ගේන්න පුළුවන්, නමුත් ඒ දවස්වල ගෑස් අලෙවි කළේ 1396 ට. ඒ විතරක් නෙවෙයි. රුපියල් බිලියන 50ක් භාණ්ඩාගාරයට දුන්නා, රුපියල් බිලියන 21ක් ඉතුරු කෙරෙව්වා.

ඉතින් මුදිත පීරිස් මහත්තයාගෙ නම යෝජනා කරලා තියෙද්දී අපට පොඩි අවදියක් ඇතිවුණා. මම දන්න විදියට ලිට්‍රෝ ගෑස් සමාගමේ සමස්ත සේවකයින් එතුමාගේ ආගමනය බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද අවසානයේ හිටපු සභාපතිවරු 4 දෙනාගෙන් ලාභාංශ අරගෙන රටටත් මුදල් ඉතුරු කරපු එකම කෙනා තමයි මුදිත පීරිස්. ඒ විතරක් නෙවෙයි, මතක තියාගන්න මුදිත පීරිස් මහත්තයා ඉන්න කාලෙ ලිට්‍රෝ ගෑස් සමාගමේ අපට පුළුවන් වුනා ලංකාවේ පාසැල් 1000කට ආධාර කරන්න. විද්‍යාගාර 1000ක් හැදුවා එතුමා. එතුමා පිරිවෙන් 150කට ආධාර දුන්නා.

එතුමාට පුළුවන් වුණා ලංකාවේ ගෑස් පරිභෝජනය කරන්න මූලික වශයෙන් මුදල් වැයකරන්න බැරි මිනිස්සු ලක්ෂ දෙකහමාරකට ගෑස් සිලින්ඩරයක් ගද්දී ගෑස් ලිපයි අමතර උපාංග කට්ටලයයි නොමිලේ දෙන්න. එතුමා ලංකාවේ ගෑස් වෙළඳපොල මසකට ලක්ෂ 20ක් දක්වා වැඩිකෙරුවා. එතුමාට හොඳ දැක්මක් තිබුණා ලංකාවේ ශ්වසන ආබාධ රෝග නැතිකරන්න, එතුමාට වුවමනාවක් තිබුණා ගම් නියම්ගම්වලට ගෑස් යවලා මිනිස්සුන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කරන්න. ඒ නිසා අගමැතිතුමාටයි ඒ අනිත් බලධාරීන්ටයි අපි කියනවා එතුමාගේ ආගමනය අදත් ප්‍රමාද නෑ, එතුමාව ගේන්න, අපි සූදානම් එතුමාව පිළිගන්න”

ලිට්‍රෝ ගෑස් සමාගමේ වැඩසටහන් හා ප්‍රචාරණ කළමනාකාර පියල් කොළඹහෙට්ටිගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...