ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදය අත්හැරිය යුතුය ! – නිර්මාල්

Date:

ජනතා විමුක්ති පෙරමුණේ නිල පුවත්පතක් වන නියමුවා පුවත්පත තුළ ජවිපෙ ඉදිරිපත් වන්නේ පැරණි පන්නයේ “මාක්ස්-ලෙනින්වාදී“ පක්ෂයක් ලෙසිනි. ජවිපෙ වර්තමාන ඇත්ත වශයෙන්ම පවත්නා භාවිතය තුළ එය තමන්ට ඔරොත්තු නොදෙන බරක් කරගසාගෙන යාමකි.

ජවිපෙට තවමත් මාක්ස්-ලෙනින්වාදී වීමට සිදුව ඇත්තේ ලංකාවේ සිංහල-බෞද්ධයින්ට තමන් බෞද්ධයින් බව ලෝකයට කීමට සිදු වී ඇති ආකාරයටයි. එනම් සිය ආරම්භක මිත්‍යා ප්‍රබන්ධමය වීරයා වන රෝහණ විජේවීර මාක්ස්-ලෙනින්වාදී නිසා එයට මාක්ස්වාදය අතහැරිය නොහැක.

එසේම තවමත් ජවිපෙ කේඩරය 1990ට පෙර යුගයෙන් සිය දේශපාලන අනන්‍යතාවය නිර්මාණය කරගත් අයයි. කෙසේ වෙතත් දැන් ජවිපෙ සමාජය ඉදිරිපිට නිරත වී සිටින දේශපාලනයට රෝහණ විජේවීර මෙන්ම 1990ට පෙර යුගයට අයත් දේශපාලන අනන්‍යතාවයද ගැලපෙන්නේ නැත. මේ බැරි බර කරගසාගෙන යාම නිසා සිදු වී ඇත්තේ ජවිපෙ හී දැනට ඇත්ත වශයෙන්ම පවත්නා දේශපාලන භාවිතයට ගැලපෙන්නා වූ බුද්ධිමය දැක්මක් නිර්මාණය කරගැනීමට නොහැකිව බුද්ධිමය වශයෙන් එළොවටත් නැති මෙළොවටත් නැති තත්වයක් නිර්මාණය වී තිබීමයි.

එසේම මේ මාක්ස්වාදී බර කරගසාගෙන යාමට ජවිපෙ සාමාජිකයින්ට සිදු වී තිබීම නිසා සිදු වී ඇති විකාරසහගත තත්වයක් වන්නේ පැරණි මාක්ස්-ලෙනින්වාදය හා වර්තමානයේ ඇත්ත වශයෙන්ම පවතින භාවිතය අතර පරතරය පියවීම සදහා විකාර සහගත කතා ගෙතීමට ඒ අයට සිදුවී තිබීමයි. මෙය ජවිපෙ පොදුජන මැතිවරණ දේශපාලනය තුළ මේ මොහොතේ සිදුකරමින් සිටින ප්‍රයෝජනවත් කාර්යය අතිශයින් දුර්වල කිරීමට හේතුවී ඇත.

  • නිර්මාල් රංජිත් දේවසිරි

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...