*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

සහල් හිඟයක් ඇති වීමට කිසිම හේතුවක් නැහැ. බිය වෙන්න එපා – ඇමති අමරවීරගෙන් සහතිකයක්

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නමුත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බව කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්න ඉදිරි මාස හතරකට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් ඊයේ (12) සිට වෙළෙඳ පොළ අවශ්‍යතාව පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බව අමාත්‍යවරයා කියා සිටියි.

එම ක්‍රියාවලියට අනුව ඊයේ දිනය තුළ පමණක් සතොස සඳහා සහල් මෙට්‍රික් ටොන් 500ක් සපයා තිබේ.

එමෙන්ම ජූනි මාසයේ ඉදිරි දින කිහිපයට සහල් මෙට්‍රික් ටොන් 2400ක් සැපයීමට කටයුතු යොදා තිබෙන බව සඳහන්.

යල කන්නයේ වී වගා කළ කුඹුරු ප්‍රමාණය මේ වනවිට 90%ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් සති දෙකකින් පමණ අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

මේ වන විට දැනට වගා කර ඇති කුඹුරුවලට යුරියා පොහොර ලබා දීමටත් කටයුතු කර තිබෙන අතර එමඟින් යල කන්නයේ ජූනි මාසයේ මුල් සතිය වනවිට අපේක්ෂිත වී අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් මෙවර ලබා ගැනීමට හැකි වනු ඇති බවයි අමරවීර මහතා පවසන්නේ.

”ජූනි මාසය මුල් සතියේ මේ රටේ වී වගා කර තිබුනේ හෙක්ටෙයාර් 2,77,000ක් පමණ. නමුත් දැන් එම ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 05කට ආසන්නයි. පොහොර නොමිලයේ ලබා දුන්න කාලයටත් වඩා මෙවර යල කන්නයේ වී වගා ඉඩම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.ඒ නිසා සහල් හිඟයක් ඇති වේයැයි අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ.ඒ වගේම අපේ වී ලබා ගන්නා සහල් මෝල් හිමියන් පළමුව ඔවුන් සතු වී තොග සහල් වශයෙන් වෙළෙදපොළට යවනවාද යන්න සොයා බලන ලෙස මම වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නා.රටේ ජනතාව පීඩාවට පත් ව සිටින අවස්ථාවක ඉන් අයුතු ලාබ ලැබීමට ව්‍යාපාරිකයින් කටයුතු නොකළ යුතුයි.” යනුවෙන් හෙතෙම තවදුරටත් සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (12) සූරියවැව ප්‍රදේශයේ පැවැති වැඩ සටහනකට සහභාගි වෙමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan