*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

උපාය විරහිත ලෙස මහ බැංකුව ණය පැහැර හැරීමේ ප්‍රතිවිපාක

ශ්‍රී ලංකාව විදේශ විනිමය ණය පැහැර හරින බවට නිල වශයෙන් නිවේදනය කර ඊයේ (ජූනි 12) වන විට මාස දෙකකි. හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් පූර්ණ කැබිනට් දැනුම් දීමකින්, පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් හෝ අනුමැතිය ලබා ගැනීමකින් තොරව ගනු ලැබූ මෙම ඉතා හානිකර හා මතභේදාත්මක ක්‍රියාව සාධාරනීකරණය කරනු ලැබුවේ එය මෘදු ණය නැවතීමක් බව පවසමිනි.

එතැන් පටන්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය අර්බුදයෙන් කබලෙන් ලිපට වැටුනාක් මෙන් තත්ත්වයකට පත්වූ අතර, මෙම දැඩි ණය පැහැර හැරීමේ ප්‍රතිවිපාක මුලුමහත් රටකටම මේ වන විට වැටහෙමින් තිබේ.

මෙම ණය පැහැර හැරීමේ තීරණය ගනු ලැබුවේ එවකට මුදල් අමාත්‍ය මෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නීතීඥ අලි සබ්‍රි සහ බොහෝ දෙනෙකු නොදන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම ලද වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අභ්‍යන්තර කවයේ මෙම තුන්කට්ටුව සිව්කට්ටුවක් බවට පත්කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද මෙම ණය පැහැර හැරීමට නිරන්තර උපදෙස් හා සහයෝගය ලබා දුන් බවට දැන් දැන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ණය පැහැර හැරීමේ නිවේදනය තුළ සාධාරනීකරණය සඳහා බොහෝ දෑ කියවෙන්නට ඇත. එහෙත් මෙතෙක් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා කාලරාමුවක් සකසා නොමැත. ණය පියවීමේ යෝජනා හඳුන්වා දී නොමැත. ණය හිමියන්ගේ සලකා බැලීම සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කොන්දේසි ප්‍රකාශයට පත්කර නොමැත. ණය තිරසාරභාවය සඳහා සාර්ව ආර්ථික මූල්‍ය ඉලක්ක හඳුනාගෙන නොමැත. කිසිඳු බහු-පාර්ශ්වික ආයතනයක් හරහා ද්වීපාර්ශ්වික අරමුදල් (bilateral funding) ලබා දී නොමැත. සේතු මූල්‍යකරණය (bridge financing) සඳහා කිසිඳු රටකින් ප්‍රත්‍යක්ෂ සහයෝගයක් ලැබී නොමැත. වත්මන් මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් අනුගමනය කරනු ලබන්නේ ඔවුන්ගේ පූර්වගාමීන් විසින් ගන්නා ලද පියවරයන්ම පමණි.

ස්වෛරී විදේශ විනිමය ණය පැහැර හැරීමෙන් පසු රට පිළිබඳව විශ්වාසයක් ඇත්තේ නැත. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් විසින් රට වලපල්ලටම ඇදදමා ඇත. සෘජු විදේශ ආයෝජන සහ විදේශ විනිමය නතර වී ඇත. ඉදිරි වසර ගණනාවකටම ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ශ්‍රී ලංකාවට තිබූ ප්‍රවේශය අහිමි වී ඇත. ණයවර ලිපි විවෘත කිරීම සහ විදේශ විනිමය ගනුදෙනු සිදුකිරීම දේශීය බැංකු වලට උගුරට හොරා බෙහෙත් බීමක් තරමට අසීරුය. ජාත්‍යන්තර ණයකරුවන් විසින් දේශීය බැංකුවල විදේශ විනිමය අරමුදල් සීමාකර ඇත. විදේශ විනිමිය අරමුදල් සහිත යටිතල පහසුකම් ව්‍යාපෘති කඩාවැටී ඇත. ඇතැම් විදේශ විනිමය ණයහිමියන් සහ බැඳුම්කර හිමියවන් ඔවුන්ගේ හිඟ මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවීම පවා සිදුවෙමින් පවතී. ඇතැම් විදේශ විනිමය ණයහිමියව් දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන මෙන් ඉල්ලා සිටින අතර, එසේ කළහොත් බරපතල සමාජ-ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකිය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දහස් ගණනින් තම ව්‍යාපාර කඩා වැටීමේ අවදානමකට ලක්ව සිටින අතර, සිය දහස් ගණනකගේ ජීවනෝපාය අනතුරේ වැටී ඇති බවට වාර්තා වේ. උද්ධමනය දරාගත නොහැකි මට්ටමකට ඉහළ යමින් පවතී. පොලී අනුපාත සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම (මුදල් අච්චුගැසීම) හැර වෙන විකල්පයක් නොමැති තත්ත්වයකට පත්ව තිබේ. රුපියලේ අගය බාල්දු වෙමින් පවතී. වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු රජයේ දේශීය මුදල් ගෙවීම් අන් කවරදාටත් වඩා දැඩි පීඩනයකට මුහුණ පා ඇත. ආහාර, ඉන්ධන, ඖෂධ, ගෑස් සහ විදුලි හිඟය නිරන්තරයෙන් සිදුවෙමින් පවතින අතර ඊට විසඳුමක් ඇති බවක් නම් පේන තෙක් මානයක නොපෙනේ. සියලුම සාමාන්‍ය ජීවන තත්ත්වයන් තර්ජනයට ලක්ව ඇත; වඩ වඩාත් නරක අතර හැරෙමින් ඇත.

උජාරුවෙන් කළ ණය පැහැර හැරීමේ ප්‍රතිවිපාකයි මේ. ඇත්ත වශයෙන්ම, මෙම ණය පැහැර හැරීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ විහිලු සපයන්නකු බවට පත්ව ඇති අතර, අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක කුඩා ණයවර ලිපියක් වත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයට බැංකු පද්ධතිය අසරණ වී ඇත.

ජාතියේ ඉරණම ඉතා නුදුරේදී මෙම අර්බුදය විසඳීම මත රඳා පවතිනු ඇත. එම නිසා, රටේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකා මෙම ණය පැහැර හැරීමේ අර්බුදය සමඟ කටයුතු කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යව ඇත. රට මේ තරම් බරපතල අවදානමකට ඇද දැමූ පම්පෝරිකරුවන්ගේ ප්‍රායෝගික නොවන න්‍යායික දේශන සහ කුහක දෝෂාරෝපණ සාර්ථක නොවන බව ඔවුනට ද දැන් වැටහෙමින් තිබෙනු ඇත. එය බිම් මට්ටමින් දැනටමත් ඔප්පු වී හමාරය.

රට සියදිවි නසා ගැනීමක් හා සමාන මෙම ණය පැහැර හැරීමේ මාවතට යොමුවීමට ජනාධිපතිවරයාට උපදෙස් ලබා දුන් පුද්ගලයන්ගේ – විශේෂයෙන් ම අලි සබ්‍රි සහ නන්දලාල් වීරසිංහ – ක්‍රියාකලාපය ප්‍රශ්නකර විමර්ශනය කිරීමට කාලය එළඹ ඇත. ඔවුන් සිදුකළ ක්‍රියාව හේතුවෙන් ආපසු හැරවිය නොහැකි මට්ටමේ ආර්ථික අගාධයකට රට තල්ලු වී ඇත. 2022 අප්‍රේල් 18 වැනි දින චීන සංවර්ධන බැංකුවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 78ක මුදලක් වෙනුවෙන් පමණක් මෙම ණය පැහැර හැරීමට ඉකුත් 2022 අප්‍රේල් 12 වන දින තීරණය කිරීම බරපතල ගැටළුවක් වන අතර, එසේ කළේ මන් ද යන්න මෙම චූදිතයන් දෙදෙනා විසින් වහා පාපොච්ඡාරණය කළ යුතුය. ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 1 ක ණයක් සහ ඩොලර් බිලියන 1.5 ක වෙළඳ පහසුකමක් ලබා ගැනීමට නියමිතව සිටින බවට චීනයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය පාලිත කොහොන බ්ලූම්බර්ග් වෙත සැලකර තිබෙන පසුබිමකම මෙම ණය පැහැර හැරීම සිදුකළේ මන්ද යන්න ඔවුන් පැහැදිලි කළ යුතු ය.

ඉහත කී පසුබිම තුළ, අලි සබ්‍රි සහ නන්දලාල් වීරසිංහ විසින් ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීම මෙතෙක් අප රටේ කිසිඳු රාජ්‍ය නිලධාරියකු විසින් සිදුකර නොමැති වගකීම් විරහිත හා අදූරදර්ශී ක්‍රියාවකි. මෙය වහා ඉහළම මට්ටමින් විමර්ශනයට ලක්කළ යුතුය. කාබනික ගොවිතැනක් ක්‍රියාවට නැංවීමට ගොස් සිදුවූ ආහාර ව්‍යසනයේ වගකීම භාරගත්තා සේම ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මෙහි වගකීම භාරගත යුතු ය.

විශේෂ වාර්තාකරුවකු විසිනි 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan