රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු එළඹෙන නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සූදානම් වෙයි.
ජපාන තානාපතිවරයා සහ අදාළ විෂයභාර අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකදී, ව්‍යාපෘතියට අවශ්‍ය ණය ප්‍රතිපාදන සහ කොන්ත්‍රාත්තු අනුමත කරගැනීම කඩිනම් කිරීමට තීරණය කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් කිහිපවරක්ම ඇණහිටි මෙම ව්‍යාපෘතිය, වැඩ ආරම්භ කර මාස 30ක් ඇතුළත අවසන් කිරීම ජපාන නියෝජිතයන්ගේ ඉලක්කයයි.
ජනාධිපතිවරයාගේ පවා විශේෂ අවධානයක් යොමුව ඇති මෙම සංවර්ධන කටයුත්ත ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ධාරිතාව ඉහළ නැංවීමට සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතියට මහත් රුකුලක් වනු ඇත.
මේ හරහා ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් කිරීමටත්, රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් අපේක්ෂා කෙරේ.


