කුන්මිං හි පැවැති 3 වැනි චීන-දකුණු ආසියානු සම්මන්ත්‍රණයේදී දකුණු ආසියා-චීන සහයෝගීතාවයේ වැදගත්කම වෙළෙඳ අමාත්‍යවරයා අවධාරණය කරයි.

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW :

10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට (China-South Asia Expo) සමගාමීව පැවැත්වූ ප්‍රථම නිල අනුබද්ධ වැඩසටහන වන “3 වැනි චීන-දකුණු ආසියා රාජ්‍ය-කර්මාන්ත-විශ්වවිද්‍යාල-පර්යේෂණ සම්මන්ත්‍රණය” (3rd China-South Asia Government-Industry-University-Research Seminar) චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මිං (Kunming) නුවරදී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.

චීන වාණිජ අමාත්‍යාංශයේ වෙළෙඳ සංවර්ධන කාර්යාංශය සහ යුනාන් ප්‍රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා චීනය සහ දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් රජයේ උසස් නිලධාරීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ විද්වතුන් 80කට අධික පිරිසක් එක්ව සිටියහ.

“Pooling Wisdom and Strength for Cooperation, Embracing Openness and Win-Win for the Future” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි:

  1. වෙළෙඳ පහසුකම් සැලසීම සහ වෙළෙඳ සමතුලිතතාව (Trade Facilitation and Trade Balance)
  2. ඩිජිටල් සම්බන්ධතාව සහ දේශසීමා හරහා සිදුවන විද්‍යුත් වාණිජ සහයෝගීතාව (Digital Connectivity and Cross-border E-commerce Cooperation)
  3. හරිත හා අඩු කාබන් තාක්ෂණික නවෝත්පාදනය සහ ප්‍රධාන කර්මාන්තවල සහයෝගීතා සංවර්ධනය (Green and Low-carbon Technology Innovation and Synergistic Development of Key Industries)

මෙහිදී පැවැත්වුණු විශේෂ ව්‍යාපෘති ප්‍රවර්ධන සැසියේදී (Project Promotion Session), ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල නියෝජිතයින්ට තමන්ගේ රටවල ප්‍රමුඛ පෙළේ වෙළෙඳ හා ආයෝජන ව්‍යාපෘති ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණි. මෙම සාකච්ඡා හුදු සංවාදයකට පමණක් සීමා නොකර, ප්‍රායෝගික සහ ස්පර්ශ කළ හැකි ප්‍රතිඵල අත්කර ගැනීම මෙහි මූලික අරමුණ විය.

2024 වසරේ ආරම්භ කරන ලද මෙම වාර්ෂික සම්මන්ත්‍රණය, චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධානතම අතුරු අංගයක් ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් මෙලෙස පවත්වනු ලැබීය. රාජ්‍ය, කර්මාන්ත, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයන් යා කරන සුවිශේෂී පාලමක් බඳු වූ මෙම වේදිකාව, චීනය සහ දකුණු ආසියාව අතර වෙළෙඳ, ආයෝජන, තාක්ෂණ සහ නිෂ්පාදන ධාරිතාවන් සාර්ථකව හුවමාරු කර ගැනීමට මහෝපකාරී වී ඇත.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මෙම සහභාගීත්වය මඟින් චීනය සමඟ පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය හරහා දෙරටේම පොදු සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් ශ්‍රී ලංකාව දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි – මුදල් ලේකම්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන...

උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස රැසක් විවෘත වෙයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර...

චීනය ලංකාවේ පොලීසියට අතදෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම...

අයවැයට එරෙහිව අද සරසවි අනධ්‍යන සේවකයින් වැඩවර්ජනයක!

කොළඹ LNW:අයවැයට විරෝධය පළකරමින් අද (25) දිනයේ සමස්ත විශ්වවිද්‍යාල...