එංගලන්ත ලෝක කුසලාන පුහුණු උපකරණ තොගයක් Kansas Cityදී සොරකම් කරලා..

රෂිකා හෙන්නායක ජුනි 13,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2026 පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ පුහුණු උපකරණ තොගයක් කැන්සාස් සිටිහිදී සොරකම් කිරීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙම සොරකම සිදුව ඇත්තේ කණ්ඩායම ෆ්ලොරිඩාවේ සිට තම නව පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණීමට මද වේලාවකට පෙරය.

අතුරුදන් වූ භාණ්ඩ අතර පන්දු සහ ක්‍රීඩා සපත්තු ඇති බවට සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මේ හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ මූලික පුහුණු සැසිවලට යම් බාධාවක් එල්ල විය හැකි බව සඳහන් වේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ක්‍රොඒෂියාව සමඟ පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරඟයට දින කිහිපයක් තිබියදීය.

එංගලන්තයට අමතරව තවත් ප්‍රබල රටවල් කිහිපයක්ම මෙම ප්‍රදේශය තම පුහුණු මූලස්ථානය ලෙස තෝරාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...

රු. බිලියන 13.8ක වංචාවට සුදු හුණු ගෑමට ශ්‍රී ලංකා මහ බැංකුවට ඉඩ නොදිය යුතුය – ආචාර්ය හර්ෂ

ස්වාධීන බැංකු කරුවෙකු විසිනි. ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ මෙම...

2026 මෙවර නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : දකුණු...

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්!

කොළඹ LNW:කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද...