සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු විපක්ෂ නායකවරයාගේ අවධානයට

Date:

2019 පාස්කු ප්‍රහාරය හේතුවෙන් වසරකට පසුව ආරම්භ වූ මොරටෝරියම් ණය සහනය කොරෝනා වසංගතයේ වසර 2ක් ද, ආර්ථික අර්බුධයට මාස 6ක් ද ලෙස වසර තුන හමාරක් දක්වා දීර්ඝ වී 2022 දෙසැම්බර් 31 වැනි දා අවසන් වුවත් එම ණය සහන කාලය අවසන් වූයේ 2019 ණය සහන ලබා දෙන විට තිබූ ණය ශේෂය මෙන් දෙගුණයකට ආසන්න මුදලක් ඔවුන්ගේ ගිණුමට බැර කරමින් අමානුෂික මූල්‍ය ප්‍රතිපත්තියක් විදහා දක්වමින් බව මීගමුව සංචාරක සංගමයේ නියෝජිතයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී පැවසූහ.

එතැන් පටන් මූල්‍ය ආයතන ඉතා දරුණු ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට, මොරටෝරියම් පොලී ණය සහ පැරණි ණය එකතුව සැදූ ණය ශේෂය නොගෙවන්නේ නම් පරාටේ නීතිය ක්‍රියාත්මත කර දේපල රාජසන්තක කර ගන්නා බවට වාචිකව සහ ලිඛිතව තර්ජනාත්මක ස්වරූපයෙන් දන්වා සිටින බවත් මේ හේතුවෙන් තමන් මානසිකව පවා පීඩාවට පත්ව ඇති බවත් ඔවුහු විපක්ෂ නායකවරයා හමුවේ සඳහන් කළහ.

එසේම මූල්‍ය ආයතනවල මෙම අමානුෂික ක්‍රියා කලාප හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 130කට ආසන්න පිරිසක් ජීවිත හානි කර ගෙන ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් රජයත, පාර්ලිමේන්තුව හා මහබැංකුව දැනුවත් කර සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ පිරිස හමුවේ කියා සිටියේ මීට පෙර ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ සේම මෙම ගැටලුව සම්බන්දයෙන් ද ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරමින් නිසි සාධාරණයක් ලබා දීමට කටයුතු කරන බව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...