*
Monday, May 13, 2024
spot_img

Latest Posts

අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාට සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.

මෙසේ පත්කර ඇත්තේ සහන් යාපා බණ්ඩාර, රෂ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලකි.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ඝාතනයට ලක්වූයේ පසුගිය මැයි 09 වනදා නිට්ටඹුව නගර මධ්‍යයේදී ය.

මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති අතර නඩුව ලබන 19 වනදා කැඳවීමට නියමිත ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan