*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

IMF නැතිව රට පුළුවන් කියන කියන මෝඩ නායකයොත් අපේ රටේ ඉන්නවා – විපක්ෂ නායක

කොළඹ LNW:මේ දිනවල සමහර දේශපාලන පක්ෂ IMF එක නැතිව වැඩ කරන බව පවසන බවත් එම මෝඩ කතාවට නොරැවටෙන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

ලෝක ආර්ථික රටාව හා වෙළෙඳ රටාව පදනම් වී ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු නිර්මාණය වූ ජාත්‍යන්තර මූල්‍ය නීති පද්ධතිය තුළ වන හෙයින් IMF එක ලෝක බැංකුව, GAT එක WTO එක ආදිය හරහා ලෝක ආර්ථික රටාව නිර්මාණය වී ඇති නිසා IMF එක නැතිව මේ ගමන යන්න පුළුවන් කියා කවුරුන් හෝ මෝඩ වීර ප්‍රකාශයක් කරනවා නම් එය ලෝක විහිළුවක් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

එසේ ම ජනතාවගේ පැත්තෙන් වාසිදායක වන IMF එකඟතාවකට යොමුවෙන්න හැකියාවක් තිබිය යුතු වුවත් අද එවැනි දෙයක් සිදුව නොමැති බවත් ජනතාවගේ දුක කදුළ වේදනාවට මුල්තැන ලබා දී IMF ගිවිසුම් අත්සන් කර නොමැති බවත් මේ ගිවිසුම රජයත් පාලකයෝත් අහසේ සිට කැටි වළාකුළුවල සිට මහපොළොවට පය නොගහ අත්සන් කරන ලද ජනතාවාදී නොවන ගිවිසුමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) ගම්පහ දිවුලපිටිය හුණුමුල්ල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 237 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පාසලේ නැටුම් කණ්ඩායම සඳහා ඇඳුම් සපයා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය.

රජයේ IMF ගිවිසුම මිනිසා රැක ගැනීම නොව විනාශ කිරීමයි

IMF එක හරහා ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරද්දී ඒවා රටට අදාළ ඒවා හා උචිත ඒවා විය යුතු බවත් මේ ගිවිසුම් මානුෂීය විය යුතු බවත් මිනිසාගේ පරම යුතුකම මිනිසා රැකගැනීම හා ජීවත් කරවීම වුවත් මේ ගිවිසුමේ පරම යුතුකම වී ඇත්තේ මිනිසා රැක ගැනීම නොව මිනිසා විනාශ කිරීම නිසා සමගි ජන බලවේග රජයක් තුළ මේ IMF ගිවිසුම සංශෝධනය කරන බවට එළිපිටම IMF නියෝජිතයන්ට පවා කියූ බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම IMF නැතිව බංකොලොත් අප රට ගොඩගත හැකි යැයි කවුරුන් හෝ පවසවා නම් එය බොරුවක් හා මිත්‍යාවක් බවත් අප රටට IMF මැදිහත්වීම අවශ්‍ය බවත් එහි දී රට පැත්තෙන් ජනතාව පැත්තෙන් වාසියක් සහනයක් වන ගිවිසුමකට එළැඹිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අපනයන ප්‍රවර්ධන ගම්මාන සංකල්පය යළි බලාත්මක කරනවා

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා අපනයන ප්‍රවර්ධන ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් එය දඹදෙණියෙන් ආරම්භ වූ බවත් සමගි ජන බලවේග රජයක් තුළත් අපනයන ප්‍රවර්ධනය කරන බවත් මහා පරිමාණ කර්මාන්තශාලා මෙන් ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ස්වයංරැකියා ලාභීන් ද මේ සඳහා බද්ධ කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සුහුරු ව්‍යවසායකයකු අපි ගොඩනගනවා

සුහුරු අධ්‍යාපනය සේම සුහුරු ව්‍යවසායකයා ගොඩනගනා බවත් නව තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් සමූහයක් ලෙස කෙරෙන කර්මාන්ත ගම්මාන අපනයන ප්‍රවර්ධන ගම්මාන බවට පත් කළ හැකි බවත් ඒ යුතුකමත් සමගි ජන බලවේගය සිදු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සඳහන් කරන ලදී.

මේ පොරොන්දු බාර ගන්නවාද නැද්ද කියන එක ජනතාවගේ අතේ තියෙන්නේ

පොරොන්දු දේශපාලනය විශ්වාස කරන්න එපා පොරොන්දු දෙනවා විතරයි කරන්නෑ යැයි ඇතැමුන් කියන බවත් එම කතාව අනික් අයට අදාළ වුවත් තමාට අදාළ නොමැති බවත් තමා මේ සක්වල හා හුස්ම කියන්නේ පොරොන්දු ඉටු කිරීමක් නොව මේ වන විට පාසල්වලින් රෝහල්වලින් පවා අදාළ ඇමතිවරයාට නොව තමාට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් සිදු කරන බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

කවුරු මොන දේශපාලන කතා හැදුවත් තමා පොරොන්දු ඉදිරිපත් කරන බවත් එය බාරගන්නවාද නැද්ද කියන එක ජනතාවගේ කැමැත්ත බවත් 2019 දීත් තමා ඉදිරිපත් කළ පොරොන්දු බාර නොගත් බවත් එදවස තමා කියූ බොහෝ දේවල් යථාර්ථයක් වී රට බංකොලොත් වී ඇති බවත් හෙතෙම කියාසිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 237ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2655ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan