අයෝමාල් තරණය කළ ඓතිහාසික කඩුල්ලෙන් ඉනික්බිති, හෙට පෙණෙන කව්ළුවෙන් දකින්න

Date:

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW:

ක්‍රියාත්මක ජාතික මලල ක්‍රීඩා කණිෂ්ඨ සූරතාවලියේ දෙවන දිනය නිමාවන විට නව වාර්තා ප්‍රමාණය 20 දක්වා ඉහළ ගොස් තිබුණා.ඒ අතර කැපී පෙණෙනම දස්කම දක්වන්නට සමත් වුණේ අයෝමාල් අකලංක යි.මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඇති මලල ක්‍රීඩකයෙකු වන අයෝමාල් මීටර් 400 කඩුලු තරගය තත්පර 50.20 න් නිමා කර නව කණිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවන්නට සමත් වුණා.එය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ විශාල කඩුල්ලක් තරණය කිරීමක් ලෙස හැඳින්විය හැකියි.
අඹගමුව විද්‍යාලයේ සිසුවෙකු වන අයෝමාල් වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නගේ පුහුණුකරු වන අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබනවා.අනුර යටතේ සුගත්ගෙන් පසුව මලල කීඩා කේස්ත්‍රයට පිවිස ජාත්‍යන්තර නියෝජනය දක්වා ගිය ඇතැම් ක්‍රීඩක කීඩිකාවන්ට ආර්ථිකය සමඟ සිය ක්‍රීඩා ජීවිතය සමපාත කර ගන්නට නොහැකි වීම නිසා ඔවුන්ගේ ක්‍රීඩා දස්කම් ක්‍රීඩා කේෂ්ත්‍රයට අහිමි වුණා.අකලංක ඊට වඩා ශක්තිමත්ව ජීවිතයට මුහුන දෙමින් ක්‍රීඩාවේ රැදී සිටිනවා.පාසල් ක්‍රීඩා උළෙලේ තමන්ට හිමි දක්ෂතම ක්‍රීඩකයාගේ කිරුළ තාක්ෂණික හේතූන් මවා පෙන්වමින් අසාධාරණකම් සිඳු කළත් ඔහු එය දරාගෙන එසේ කළ අයගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක තරගවලින්ම ජය ගනිමින් රටට සිය වටිනාකම ලබා දෙනවා


මේවා හරියට රලර් බෝල වගෙ.දිය යට ඔබලා නවත්තන්න බැහැ.ඒවා කියවගන්නෙ නැතුව යාණවො සතුටු කරන්න ගත්ත තීරණ නිසා ලංකාවේ අංක එකේ ක්‍රීඩකයෙක්ට අසාධාරණයක් කරපු අය හැමදාම අර රබර් බොල් වතුරෙන් පිටට ඇවිත් රැලි දිගේ නටා නටා ගලද්දි හිතෙයි.තමන්ගෙ ක්‍රීඩකයෙක් වගේම වෙනත් ක්‍රීඩකයෙක් දිහා බලන්නත් හැඟීමක් ඇති කර ගැනීම විශේෂයෙන් කණිෂ්ඨ මලල ක්‍රීඩාවට වැදගත් වන්නෙ ඒ රටේ අනාගතය නිසයි.ඔවුන් ගැන හිතන්න වෙන්නෙත් ලෝකය දිහා බලලා නව ප්‍රවනතා එක්ක.ඉන්දියාව අද වෙන කොට තමන්ගෙ සම්ප්‍රදායික ඇඳුම පවා වෙනස් කරමින් තමන්ගෙ ප්‍රතිපලත් හොඳ අතට වෙනස් කර ගනිමින් කියන කතාව ශ්‍රී ලංකාව ආදර්ශයට ගැනීම පමා නොකළ යුතු බව වසර ගණනාවක ඉදලා කිව්වත්,පාසල් මට්ටමේ ක්‍රීඩකයට ඇඳමේ ඉදලා හිසකෙස් විලාසිතාවේ ඉදලා එල්ල වෙන බලපෑම සුළු නැහැ.


තවමත් පොළවට බැහැලා ක්‍රීඩාවකට සීමා නොවුණු සමස්ත ක්‍රීඩාවට සම්බන්ධ විනය යැයි සිතන කාරණා අලුතින් සිතා වැඩ කිරිම පාසල් පද්ධතිය සමඟ බද්ධව ක්‍රීඩා අමාත්‍යංශය සැළසුම් කළ යුතුව තිබෙනවා.අයෝමාල් ගේ ජයග්‍රහණය ලිවිය යුතු මාතෘකාවෙ දිගු කළේ අනාගතය ගැන කතා කරන්න හොඳම ආයෝජනයක ඉහළ ප්‍රතිපලයක් ලෙස අයෝමාල්ගේ දක්ෂතාවය හැදින්විය හැකි නිසයි.ඒ නිසා අප පාඨක ප්‍රජාවට අයෝමාල්ගේ වීඩියෝවට පිවිසෙන සබඳතාවයක් ලබා දීමට ද තීරණය කරනු ලැබුවා.

https://www.youtube.com/watch?v=ejxoSgbrZ2c


එසේම මේ දක්වා දෙදිනක් තුළ නව කණිෂ්ඨ ජාතික සූරතාවලි වාර්තාවන් තැබූ විසි දෙනාගේම නම් ද පහතින් දැක්වෙනවා.

1 වයස 23 න් පහළ පිරිමි 200 මීටර් 21.34 තත්පර ආර් ඉඳුසර විදුෂාන් ට්‍රැක් මාස්ටර්ස් එස්සී
2 වයස 20 න් පහළ පිරිමි මීටර් 200 තත් 21.23 කේ කේ ඉදුප සිල්වා ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
3 U 20 පිරිමි 400MH තත්පර 50.20 K L අයෝමල් අකලංක අඹගමුව මධ්‍ය විද්‍යාලය, අඹගමුව
4 U 20 පිරිමි 3000M 8:32.7 තත්. ඉලංගෝ විකීර්තාන් පූවරසන්කුලම් ම.වි, වවුනියාව
5 U 18 බාලක 110MH 14.08 තත් EP පවන් බිම්සර ඒකනායක ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය, කොළඹ
6 න් පහළ 18 බාලක තුන් පිම්ම 15.50 M J L ජෙන්කින්ස් ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර
7 U 16 බාලක 100MH (මූලික තරග) තත්පර 13.52 S H ඔකාෂ් වෙනුදය ද සිල්වා මහින්ද විද්‍යාලය, ගාල්ල
8 න් පහළ 16 බාලක මිටිය විසිකිරීම 40.68 M S M කරුණාරත්න තක්ෂිලා මධ්‍ය විද්‍යාලය,හොරණ
9 U 16 පිරිමි 300mH 39.73 MW N E සිල්වා ශාන්ත මරියා විද්‍යාලය – හලාවත
10 U 16 බාලක 100MH 13.17 තත්පර W D N D ප්‍රනාන්දු ශාන්ත මරියා විද්‍යාලය, හලාවත
11 U 23 බාලිකා 400MH 1:00.41 තත් L G A සත්සරණි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
12 න් පහළ 20 බාලිකා රිටි පැනීම 3.40 එම් සෙල්වරාසා නිරුසිකා අරුණෝදය විද්‍යාලය, අලවෙඩ්ඩි
13 න් පහළ 18 බාලිකා මීටර් 200 තත්. 24.45 ධනංජන ප්‍රනාන්දු ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
14 න් පහළ 18 බාලිකා උස පැනීම 1.74 MD K මිහින්සා දෙව්මිණි අබේරත්න ජනාධිපති විද්‍යාලය, රත්නපුර
15 න් පහළ 18 බාලිකා තුන් පිම්ම 12.44 M M දිල්කි නෙහාරා ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය, පානදුර
16 න් පහළ 18 බාලිකා මිටිය විසි කිරීම 40.81 එම් එන් ශලෝමි ජයකොඩි තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය හොරණ
17 න් පහළ 16 බාලිකා දුර පැනීම 5.96 එම් දිල්නි රාජපක්ෂ ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
18 න් පහළ 16 බාලිකා යගුලිය දැමීම මීටර් 12.7 දිල්කි දෙව්මිණි කරුණාරත්න විශාඛා විද්‍යාලය, කොළඹ
19 U 16 බාලිකා 300mH 45.99 තත් G R ධර්මදාස ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල
20 U 16 බාලිකා 100mH තත්පර 15.31 H A ලක්ෂ්‍ය සඳලි රාජකීය ජාත්‍යන්තර පාසල, කුරුණෑගල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...