රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

Date:

සටහන: සශිකලා මධුෂාණි

මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

“මේ වනවිට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ ඖෂධ මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ගණනාවකත් හිඟයක් තිබෙනවා. පසුගිය මැයි මාසය පමණ වනවිට තිබුණු නිල දත්ත වාර්තා අනුව මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින් 180ක ප්‍රමාණයක තොග හිඟතාවක් දක්නට ලැබුණා. රෝහල් පද්ධතිය තුළත් මේ ඖෂධ 50කට අධික ප්‍රමාණයක හිඟතාවක් තිබෙනවා. අපට වාර්තාවන තොරතුරු අනුව මේ තත්ත්වය තවත් උග්‍ර වෙමින් තිබෙන්නේ. ඒ වගේම මේ වනවිට අපට වාර්තා වෙනවා පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක් පසුගිය මාස ගණනාවක සිට විශාල හිඟයක්. ඒ නිසා පිළිකා රෝගීන්ට ලබාදෙන ප්‍රතිකාරවල යම් සීමාවන් මතුවෙලා තියෙනවා”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ(13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ...

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...

ඊශ්‍රායලයේ දෝහා ප්‍රහාරයෙන් පසු කටාර්හි අරාබි-ඉස්ලාමීය සමුළුව සඳහා නායකයින් රැස්වෙති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ දෝහා...