අස්වැසුමේ ලක්ෂ 37ක් පිල්ලි ගැසූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනිය රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

“අස්වැසුම” සහනාධාර මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් ජුනි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඇයව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ පුද්ගලයින් පිරිසකගේ ගිණුම්වලට බැර කළයුතු රුපියල් 3,781,000 ක මුදලක් තම හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ ගිණුම්වලට බැරකර ඇතැයි ඇයට චෝදනා එල්ල වී ඇති අතර පසුගිය 13 වනදා ඇයව ඇඹිලිපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

ඒ, කොලොන්න ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...