ඉන්ධන, ගෑස්, විදුලි ප්‍රශ්න සරලව විසඳන්න බෑ. භාවිතය අඩුකරන්න වෙනවා – බන්දුල (VIDEO)

Date:

ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ඉන්ධන, ගෑස්, විදුලිය යනාදිය සම්බන්ධයෙන් තිබෙන්නෙ අපට සරල ලෙස විසඳාගත හැකි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නෙ අපට ඩොලර් නෑ, ගත්ත ණය වාරික ටික ගෙවන්න හෝ අවශ්‍ය දේ ගන්න ඩොලර් නැතිකම තමයි විදේශ විනිමය අර්බුදය. ඉතින් ඒ අර්බුදයට මුහුණ දීම සඳහා බැංකු ක්‍රමය සමග ගනුදෙනු කරමින් විශාල අරගලයක තමයි රජයේ විදුලිබල හා බලශක්ති ඇමතිතුමා නිරත වෙන්නෙ. කෙටිකාලීනව වෙළඳපොල තුළ පහසු තත්වයන් නිර්මාණය කරගන්න අසීරුයි. ඒක නිසා ඒ සඳහා විකල්ප ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් එතුමා භාවිතය අඩුකිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයකුත් ලබාදීලා, ඒ කෝටා ලබාදීමේදී විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයට වැඩි ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරන්න වෙනවා. තෙල් තියාගෙන නොදී ඉන්නවාවත් තෙල් දෙන්න කියන්න ඉල්ලීම් නොසලකා හරිනවාවත් නෙවෙයි අපි මේ කරන්නෙ. රටේ තියෙන තෙල් ප්‍රමාණය බෙදලා දීලා කොහොමහරි අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට උත්සාහයක් තමයි මේ අමාත්‍යාංශය දරන්නෙ”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...