යුද්ධය නිසා අපි තෙල් දෙන්නේ නෑ හොඳේ! – යුක්රේනය

Date:

යුක්රේනය තුළ මතුව ඇති යුධමය වාතාවරණය හේතුකොට ගෙන එරට නිශ්පාදනය කරන ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් වෙනත් රටවලට අපනයනය කිරීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ.

යුක්රේනයේ කිව් අගනුවර රජය විසින් ඊයේ (13) දින සම්මත කර ගත් යෝජනාවකට අනුව, සියලු ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් අපනයන අත්හිටුවා දමන බවට නිවේදනය කර තිබේ.

රුසියාව විසින් යුක්රේනයට එරෙහිව දියත් කර තිබෙන සන්නද්ධ මෙහෙයුම සහ යුක්රේනය තුළ මේ වන විට පනවා තිබෙන හදිසි නීති තත්ත්වය තුළ ඉන්ධන ඇතුළු ද්‍රව්‍ය ලැයිස්තුවක්ම මෙසේ අපනයනය කිරීම අත්හිටුවා දැමීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන – රුසියානු යුද්ධය ලෝකයේ මතුව තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයට විශාල බලපෑමක් සිදුකරමින් තිබෙන අතර, ක්‍රමක්‍රමයෙන් උත්සන්න වන ආහාර අර්බුදයට ද මෙය හේතුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රකාශ කර ඇත.

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ද මේ වන විට ඉතා ඉහළ අගයක පවතී.

මෙම තත්ත්වය තුළ අභ්‍යන්තර ආර්ථික අර්බුද වලට මුහුණ පා ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට අත්වන ඉරණම කෙබඳුද යන්න ඔබ විසින් ම සිතාගත යුතු ය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...