*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

උඩගෙදරගෙන් උඩට යන්න වැඩි තල්ලුවක් ගත හැකියි

භාෂි උඩගෙදර තමන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇති අඩු ලුහුඩුකම් ගැන ගන්නා අවබෝධයේ ප්‍රමාණය අනුවත්,ශ්‍රී ලංකා කණ්ඩායම ඇයගෙන් ලබා ගන්නා ප්‍රයෝජනයේ ප්‍රමාණය අනුවත් මෙවර ආසියාතික යොවුක් නෙට්බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය විය හැකි බව චයිනීස් තායිපේ තරගයේදී පැහැදිළි විය.ඇය එම තරගයේ දෙවන කාර්තුවේදී පමණක් ක්‍රීඩා කළ අතර එහිදී වාර්තා වූ ලකුණු 25 න් ලකුණු 23 ක් ම ඇය විසින් ලබා ගත් අතර එම ලකුණු 23 ඇයට ලද අවස්ථා 24 දී වාර්තා කිරීම ද කැපී පෙණින.

තරගයේ පහසු තත්ත්වය සළකා පසුව ඇය ගෝල් කීපර් යන ස්ථානයේ රඳවා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළ අතර ඔවුන්ට අවසාන තරගයට පිවිසීමට මැලේසියාව පරාජය කිරීමටනම් කණ්ඩායම් සංයුතිය ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව ඇත.තේරීම් සම්බණධයෙන් යම් යම් ගැටළුකාරී තත්ත්වයන්ට යම් යම් වැරදි ප්‍රවේශ ලබා ගැනීම දකින්නට තිබුණ අතර ඒ නිසා ඇතැම් විට වඩා යහපත් ක්‍රියාමාර්ග ඇතුළත නිවැරදිම දේ ලැබෙන්නට තිබුණ ඉඩ ඇහිරී ගියා වන්නට ද හැකිය.නමුත් ලැබුණ කණ්ඩායමේ දස්කම් අඩුවක් නැත.ඒවා හරියට මිශ්‍ර කර ගැනීම,සහ යොදා ගැනීම දැන්වත් නිවැරදිව සැකසෙන්නේනම් එය පරාජයේ හේතුව තේරීම්වලට පැවරීමට වඩා ජයග්‍රහණයේ ගෞරවය සියල්ලම ඉතිහාසයට එක් කරන අවස්ථාවක් වනු ඇත.

පරාජයේ හේතු අනාගත කියැවීම්වලදී රැදී තිබෙනවාට වඩා ජයග්‍රහණයේ සිහිපත් කිරීම් යළි යළිත් මතකය විසින් අලුත් කරනු ඇති බව පමණක් ඒ සම්බන්ධයෙන් ලියා තැබීම වැදගත්ය.
මෙම තරගයේදී ද ක්‍රීඩකයින් සියල්ලට අවස්ථාව දෙමින් ක්‍රීඩා කළ අතර ඒ නිසාම තෙවන සහ සිව්වන කාර්තුවල චයිනීස් තායිපේ කණ්ඩායමට එල්ල වූ බලපෑම ලිහිල් විය. ඒ නිසා එම කාර්තු දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එකතු කළ ලකුණු ප්‍රමාණයේ අඩුවක් සිදු වූ අතර චයිනීස් තායිපේ කණ්ඩායම ද ඉන් ප්‍රයෝජන ගෙන සිව්වන කාර්තුවේදී ලකුණු 9 ක් රැස් කරන්නට සමත් විය.පළමු,දෙවන සහ තෙවන කාර්තුවල ඔවුන් පිළිවෙලින් රැස් කළේ ලකුණු 2,4 සහ 2 බැඟින් ය.ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙලින් පළමු කාර්තුවේ සිට සිව්වන කාර්තුව දක්වා ලකුණු 23,25,18 සහ 17 ලෙස ලබා ගැනීමට සමත් විය.

තරගාවලියේ මේ මොහොතේ ක්‍රීඩා කිරීමේසී ඒ ඒ තැනට වඩාත්ම සුදුසු කවුරුන්ද යන්න ගැන චයිනීස් තායිපේ තරගයේදී යම් යම් ඉඟි ලැබිණ.එය ජ්‍යෙෂ්ඨත්වය ගැන සිතා කටයුතු කරනවාද මේ මොහොතට අදාළව කටයුතු කරනවාද යන තැන තීරණය කළ යුත්තේ කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයය.අවශ්‍යයනම් කණ්ඩායම් කළමණාකාරීත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ සිට ඒ සඳහා කණ්ඩායම වෙනුවෙන් සෑහෙන දායකත්වයක් දුන් තිලකා ජිනදාස ද සම්බන්ධ ගර ගනිමින් සාකච්ඡා කිරිමට හැකිය.
භාෂි උඩගෙදර මෙන්ම පළමු සහ දෙවන කාර්තුවේ නවක ක්‍රීඩිකාවක වූ ටිමී ගොනාර ගමගේ ගෝල් කීපර් ලෙස කළ දේ සළකා ඔවුන් යොදා ගැනීම ප්‍රතිපලදායක් විය හැකිය.නමුත් ඒ සටන මැලේසියාව සමඟ යන්නද අමතක නොකළ යුතුය.චයිනීස් කායිපේට එරෙහි හැකියාව මැලේසියාවට එරෙහිව ඒ ආකාරයෙන්ම ප්‍රයෝජනයට ගැනීමේ කාර්යය ඉදිරි දින දෙක තුළ පුහුණුව වෙනුවෙන් ක්‍රීඩිකවෙන් සහ පුහුණුකාරියන් කරන කැපවීම සහ දක්ෂතාවය අනුව කිරා මැන බැලීමට ඇති දෙයකි.

කෙසේ නමුත් තරගයේ මානසික ඒකාග්‍රතාවය සහිතව රැදී සිටීම මෙන්ම රිද්මය සමානුපාතික වීම සිංගප්පූරු පරාජයේ ප්‍රධානතම හේතුව සේ හැඳින්විය හැකිය.අනෙකා කරන දේම කිරීමට අනෙකා නොකරන දෙයකින් ඔහුව මඟ හැර යා හැකිද යන්න සහ ඒ සඳහා සියලුම දෙනා එකම රිද්මයකට පිවිසීම වටින්නේය.
බාධක මැද තරග නැවත නැවත නැරඹීමේදි අවසාන කණ්ඩායමට විජේනායක සොහොයුරියන්,නායිකා සචිනි,උඩගෙදර,ටීමී සහ ඉදූෂා ප්‍රධාන වශයෙන් රඳවාගෙන ක්‍රීඩා කිරීම යෝග්‍ය විය හැකි යන හැඟීම දැණුනත් නැවතත් වත්මන් සූරියන් වන මැලේසියාව ඉදිරියේ මේ නිවැරදිම සංයුතිය වෙනුවෙන් සිරුර සහ මනස හැඩ ගස්වා ගැනීම පහසු නැත.නමුත් ජාත්‍යන්තර තරගාවලියක ඉලක්ක ජයගැනීම සරල නැත.අපහසු කාර්යයකි.ජයග්‍රහණය යනු ලංකාවේ පාසල් තරගයකට වඩා වෙනස්ය.වැඩි දෙනෙක් සිටින්නේ පාසල් අත්දැකීම් සමඟය.සමහර විට ඔවුන් වැඩි දෙනෙක්ට තිබෙන පහසුකම් සහ අන් කණ්ඩායම්වලට ඇති අපහසුකම් ගැන ද සැළකිල්ලට ගත් විට එවැනි තරගවල දක්ෂ කණ්ඩායම් සහ සමහර විට එකම දක්ෂ ක්‍රිඩිකාවක් සිටින පාසලක් තරග කරන අවස්ථා ඇත.නෙට්බෝල් තව දුරටත් පළල්ව විහිදා ගැනීමට හැකි වුණානම් එවැනි තනි දක්ෂයන් මේ පොකුරේ මලක් සේ ගවසා ගන්නට තිබිණ.නමුත් කරන දේ කරන්නට හෝ පහසුකම් ප්‍රමාණවත් නැති රටක ක්‍රීඩාව යනු ගිණි කූරෙන් පොල් ලෙලි ගැසීම වැනි වැඩක්ය.

අපි එය දනිමු.ආසියාව ජය ගත හැකි දක්ෂ කණ්ඩායමක් සේ ඉදිරි දින දෙක තුළ කෙසේ රොක් වේද යන්න කිව හැක්කේ තරගය දෙස බැලීමෙන්ය.නමුත් කිව හැක්කේ කළ නොහැක්කක් නොමැති බවය.උස යනු දුර හුවමාරුවටට පමණක්ම වැදගත් නොවන සාධකයකි.එහි යම් අවදානමක් තිබිය හැකිනම් වැඩි උස ආසන්න හුවමාරුවකදී වුව අනෙකාව පරයා නැඟෙන්නට වැදගත් වනු ඇත.වේගය ඇති කණ්ඩායමකට ඒ වේලය පාදක කරගෙනම ඉහළ පිමි ද ගත හැකිය.එසේම උස යන්න වරප්‍රසාදිත තත්ත්වයක් වුව එය බිමින් කෙටි හුවමාරු අමතක කරන්නට කරපු බලපෑමක් නොවන බව ද සිහි තබා ගැනිම වැදගත්ය.උස නිසාත් නොකරන නිසාත් බොහෝ විට ප්‍රතිවාදීන්ද එය ශ්‍රී ලංකා කණ්ඩායම කරනු ඇතැයි බලාපොරොත්තු නොවිය හැකි දෙයක් වනු ඇත.
හමුවන්න නියමිත මැලේසියා කණ්ඩායම ඔවුන් මුහුණ දුන් තරග දෙකකදීම ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 100 ඉක්මවා රැස් කරගෙන ඇත.ඒ පකිස්තානයට එරෙහිව සහ ජපානයට එරෙහිවය.එම දත්ත ප්‍රතිවාදියාගේ විශාලත්වය හඳුනාගෙන වැඩ කරන්න වැදගත්ය. නමුත් හීන්සැරය ද දැවන්තයන් පරාජය කළ සාහිත්‍යය සමාජයක් ඇතුළේ වැඩුණ ලාංකේය ක්‍රිඩිකාවන් ප්‍රතිවාදියා පරාජය කළ හැකි බව සිතන්නට ඒ කතා සාරයන්ගේද මනස පුබුදුවාගත යුතු මොහොතක සිටින බව අපේ විශ්වාසයය.

පරාජයට හේතු අනවැසිය.ඒවා ඉතිහාස කතා සේ රැඳෙන්නේ බොහොම ටික කාලයක්ය.ජයග්‍රහණ ඉතිහාසයේ මැකෙන්නේ නැත.යළි යළිත් ඔබව අනාගතයේදී සිහි ගන්වනු ඇත.එය ඔබට ඔබේ අනාගත පරපුර වෙනුවෙන් දිය හැකි හොඳම දායාදය.යොවුන් කිරුළ ඒ නිසා ගෙන එන්නට බැරි කමක් නැත.කළ යුත්තේ ඔබට කළ හැකි හොඳම කැපවීම සහ මහන්සිය සමඟ කණ්ඩායමට සියලු ශක්තිය මුදා හැරීමය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan