ආණ්ඩුවේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනා ජනපති සමග !

Date:

ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනා පාහේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 145ක් දිනාගත් අතර එයින් සැලකිය යුතු පිරිසක් පළමු වරට පාර්ලිමේන්තු පැමිණි අය වේ. ඔවුන්ගෙන් සුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවත් බහුතරයක් ආණ්ඩුව සමග සිටිති. ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී යම් හෙයකින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඔවුන්ට විශ්‍රාම වැටුප් අහිමි වේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට සූදානම් යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙහිදී ජනාධිපතිවරයා ද මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අමතා අදහස් දක්වමින්, මෙම නවක මන්ත්‍රීවරුන්ගේ අභිලාෂය අනුව තමන් කටයුතු කරන බවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීම යනු තමන් සියලු දෙනාටම විනාශය ගෙන දෙන්නක් බවත් පවසා ඇති අතර එහෙයින් සියලු දෙනාම එක්ව ආණ්ඩුව පවත්වාගෙන යාමට කටයුතු කරමු යැයි පවසා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...