මාළිමාවෙත් පිංපොංලා ….

Date:

රාජපක්ෂවාදය අවසානයේ කොමිටලයක් බවටම පත්කර දැමුවේ එහි ජයග්‍රහණ දැක පසුපසින් ගොස් එල්ලුන පිංපොංලා ගනයේ කලාකරුවන් විසිනි..

එක මොහොතක එක් කලාකාරියක් මහින්දට “මරල හරි ගන්ට සර්” ‍යැයි කීවා අපට මතකය.. තවත් කලාකාරියකට ඇස් පියාගත්ත විට ඇයට මැවි මැවී පෙනෙන්නේ ගොඨාගේ රුව බව කිවේය.. තව කලා ඔස්තාර් කෙනෙක් රාජපක්ෂලා බුදුන්ගේ නෑයන් බව පෙන්වීමට පච ඉතිහාසක් ගෙතුවේය…

රැල්ලෙ ගහගෙන නොයන අතලොස්සක් කලාකරුවන් හැරුනම බහුතර කලා නඩය ඇදී යන්නේ ඕඩියන්ස් එක තියෙන තැනටය.. ඒ රැල්ලේ එල්ලී ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහල දමාගැනීමටය… ජයග්‍රහණයෙන් පසු මොනමොනවා හරි ගෙඩි කඩාගැනීමටය..

මෙහිදී බොහෝ අවස්තාවල සමාජ දේශපාලන අවබෝදයක් නැති ඔහේ දොඩවන මොවුන් ඒ ඒ දේශපාලන ව්‍යාපාරවලට කරන්නේ හානියකි..

නාකීන් එලවමු කතාව මුලින්ම කිව්වේ මාළිමාවේ ඉහල පුටුවල අයයි.. නමුත් වැඩිහිටියන් නාකීන් ලෙස නම් කිරීම සදාචාරාත්මක නැතිබවත් වැඩිහිටියන්ට රාජ්‍ය පාලනය කල නොහැකි යැයි කීම සම්පූර්ණ අසත්‍යක් බවත් දැනුවත් සමාජය අදහස් දැක්වීමත් සමග ඔවුන් එම කතාව වැඩිපුර කීවේ නැත… දැන් ඒ අදහස ඉතාම අශිෂඨ ලෙස පිංපොං වර්ගයේ කලාකරුවන් කරගසාගෙන යනු පෙනේ…

වත්මන් ලෝකය අපවෙත රැගෙන එන ලද්දේ අපගේ පෙර වැඩිහිටි පරම්පරාවයි..එබැවින් ගෝත්‍ර සමාජවල පවා වැඩිහිටියන්ට ගරු කරයි..එබැවින් වැඩිහිටියන්ට නාකීන් යැයි පැවසීම අන්තිම අශෝභන කැත බාවිතාවකි..

එසේම වියපත් අයට රටක් පාලනය කල නොහැකියි යන්නද සම්පුර්ණ අසත්‍යයකි.. අසල්වැසි දැවැන්ත රාජ්‍යයන් දෙක වන ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකේම නායකයන් හැට නොව හැත්තෑවද පැන්න මිනිසුන් දෙදෙනෙකි, එසේම බටහිර යුරෝපයේ සහ නැගෙනහිර යුරෝපයේ බලවත් රාජ්‍යවල නායකයන්ද වියපත් මිනිසුන්‍ ය..

තරුණ මදයෙන් මත්වූ දේශපාලනයේ රඟ දැකගැනීමට අවශ්‍ය නම් ඉතිහාස කම්පුචියාව සහ වර්තමාන උතුරු කොරියාව අධ්‍යයනය කිරීමම සෑහේ …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...