ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිරවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිරවී සිටින බව පැවසේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ කාල් ස්කාඌ පවසන්නේ දකුණු ගාසා තීරයේ මිලියනයක් අවතැන් වූවන් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂාව නොමැතිව සිරවී සිටින බවයි.මේ අතර ඊයේ ගාසා තීරයේදී පලස්තීනුවන් 25 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගාසා නගරයේ ටුෆා අසල්වැසි ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර වලින් ළදරුවෙකු මිය ගිය අතර 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 37,266 ක් මිය ගොස් 85,102 ක් තුවාල ලබා සිටිනවා. හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිදුවූ මරණ සංඛ්‍යාව 1,139 ක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...