සම්මානලාභී ලේඛිකා හා මානව හිමිකම් ක්‍රියාකාරිනී අරුන්දතී රෝයිට ආණ්ඩු පක්ෂයෙන් නඩු!

Date:

ජූනි 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ සම්මානලාභී ලේඛිකාවක වන අරුන්දතී රෝයි ට එරෙහිව ඉන්දියාවේ ප්‍රති-ත්‍රස්ත නීතී යටතේ නඩු පැවරීමට එරට භාරතීය ජනතා පක්ෂය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ලොවම පිළිගත් ලේඛකයන් හට හිමිවන බුකර් ත්‍යාගයෙන් පවා ත්‍යාග හිමි අරුන්දතී ට මෙසේ නඩු පවරා තිබෙන්නේ, ඉන්දියානු – පකිස්තානු දේශපාලන ගට්ඨනයට නතුව තිබෙන කාෂ්මීරය සම්බන්ධයෙන් 2010 වර්ෂයේ දී පැවැත්වූ සාකච්ඡා මණ්ඩපයක දී ඈ විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව ය.

අරුන්දතීට එරෙහිව මෙසේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන්නේ ඉන්දියාවේ නව දිල්ලියේ ලුතිනන් ආණ්ඩුකාර වී.කේ. සක්සේනා සහ භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයන් විසිනි.

ද ගොඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් නම් කෘතිය සඳහා බුකර් ත්‍යාගය හිමි අරුන්දතී රෝයි ඈ විසින් රචිත ග්‍රන්ථ ගණනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වූ ලේඛිකාවක්වන අතර, ඉන්දියාවේ ප්‍රති-ත්‍රස්ත නීති යටතේ, මහජනතාව ප්‍රකෝප කරවන සුළු ප්‍රකාශ සිදුකළ බවට චෝදනා ලබා සිටියි.

මෙම චෝදනාව ගොනුකර තිබෙන්නේ ඈ සමඟ හිටපු මහාචාර්යවරයකු වන ෂෙයික් ෂ්වෝකාත් හුසේන්ට ද එරෙහිව ය.

62 හැවිරිදි අරුන්දතී රෝයි ලේඛිකාවක මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිනියක ද වන අතර, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ලේඛකයන් අතර සිටින ප්‍රධානතම චරිතයකි. නරේන්ද්‍ර මෝදි ගේ ආණ්ඩුව ප්‍රභල ලෙස විවේචනයට ලක්කරන අරුන්දතී රෝයි, විශේෂයෙන් ම සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෝදි ගේ ආණ්ඩුව දරන ප්‍රතිපත්ති විවේචනයකළ තැනැත්තියකි.

උක්ත චෝදනාවට අදාළව අරුන්දතී ට සහ අනෙකුත් පාර්ශවයන්ට එරෙහිව චෝදනා ගොනුකර දශකයකටත් වැඩි කාලයක් ගතව ඇති මුත්, මේ සම්බන්ධයෙන් නඩුකරය ඉදිරියට පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙන්නේ සක්සේනා ගේ අනුමැතියෙන් අනතුරුව ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ය.

මහජනතාව ප්‍රකෝප කිරීමට අදාළව චෝදනා ගොනුවී ඇති අරුන්දතී කාෂ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව දරන ස්ථාවරය දැඩිව විවේචනයකළ තැනැත්තියකි. උක්ත චෝදනා යටතේ නඩුකරය ඉදිරියට පවත්වාගෙන යාමට, 2010 වර්ෂයේ දී ඈ විසින් සිදුකළේ යැයි කියන ප්‍රකාශයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වූ විරෝධතා ද හේතුවී ඇත.

මානව හිතවාදියකු මෙන්ම සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත පෙනී සිටීමක් සිදුකරන අරුන්දතීට එරෙහිව මෙසේ නඩු පැවරීමට ආණ්ඩු පක්ෂය කටයුතුකර තිබීම, ඉන්දියාවේ ප්‍රධාන මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, සිවිල් ක්‍රියාකරුවන් ඇතුළු දැවැන්ත පිරිසකගේ විවේචනයට තුඩු දී තිබේ.

මෙය භාෂණයේ නිදහසට එරෙහිව එල්ලකරන ලද ප්‍රභල පහරක් බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එහෙන්ම, අරුන්දතී ට එරෙහිව නඩු පැවරීමට යොදාගෙන තිබෙන ඉන්දියාවේ අනීතීක ක්‍රියා වැළැක්වීමේ පනත (UAPA) අවභාවිතා කරමින් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ද ඔවුහු පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...