51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7 සමුළුව අද(15) සිට 17 වන දින දක්වා කැනඩාවේ සත්කාරකත්වය මත කැනේඩියානු රොකී කඳු පාමුල ල්බර්ටා හි කනනාස්කිස් නම් දුරස්ථ නගරයේදී ඇරඹේ.

මෙවර සමුළුවට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් හතේ (G7) කණ්ඩායමේ නායකයින් සම්බන්ධ වන අතර සිකුරාදා(13)වන දින ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මැද පෙරදිග දිග හැරෙන අර්බුදය පිළිබඳව දැඩි සාකච්ඡා අපේක්ෂා කෙරේ.
මිට අමතරව ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු මෙන්ම රුසියානු-යුක්රේන ගැටුම සහ ඊශ්‍රායලයේ ගාසා තීරයට එරෙහි යුද්ධය කෙරෙහි අවධානය යොමු කළ හැකි ගෝලීය සාමය පිළිබඳ සංවාද, ගෝලීය වෙළඳාම, චීනය මෙවර සාකච්ජා කෙරෙන ප්‍රධාන මාතෘකාවන් අතර වනු ඇත.

මෙවර සමුළුවට සහභාගී වන G7 රටවල සහ EU හි නායකයින්ට අමතරව, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි G7 නොවන රටවල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුට අමුත්තන් ලෙස ආරාධනා කර ඇත.

ඒ අතර මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාවේ නායකයින් ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...