කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

Date:

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW :

අද (15)දින අරලියගහ මන්දිරයේදී, රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.

‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් එක්ව සීටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණු විය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී ආරම්භක දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)  විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතාද කෙටි දේශනයක් සිදු කළේය.

අනතුරුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දැනුවත් කිරීම් සිදු කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD – බදු අය කරන්නේ කාර් එකටද ? කාර් එකේ සොෆ්ට්වෙයා එකටද ??

BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ 1100ක් පමණ හම්බන්තොට...

කොස්ගොඩ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (ජුලි 31)...

සීසීසි ය පොලීසියට අල්ලන්න බැරි ගැහිල්ලක් ගහයි

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ප්‍රධාන පෙළේ ක්‍රීඩා...

වැසි තත්වයේ වර්ධනයක් – අද (31) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...