නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW:
දකුණු අප්‍රිකාව කාලයක ඉදලා හැදින්වූවේම ලෝක ක්‍රීකට් ප්‍රජාව අතර ඉන්න අවාසනාවන්තම ක්‍රිකට් රාජ්‍යය හැටියටයි.ඉතාම සන්නද්ධ දක්ෂතා සහිත කණ්ඩායම් සිටියදී පවා ඔවුන් ලෝක කුසලාන පෙනි පෙනී පරාජය ලබපු අවස්ථා වගේම ඒ දේවල් සිද්ධ වුණ හැටිත් නිසා දකුණු අප්‍රිකාවට ඒ හැඳින්වීම වැරදි නැහැ.ඒකට කිව්වෙ අවාසනාව වුණත් ඇත්තටම සිද්ධ වුණේ තරගාලි මානසිකත්වය මත ඇති වන පීඩනය කණ්ඩායමක් හැටියට දරා ගන්න අසමත්වීමයි.ඒක විද්‍යාත්මකව තාර්කික කාරණයක්.

මේ අභියෝගය දකුණු අප්‍රිකාව නැවත දේශපාලනික සම්බාධකවලින් මිදී ක්‍රීකට් ලෝකය පැමිණි දා සිට කෙප්ලර් වෙසල්ස්ගේ සිට වර්ථමානයේ ටෙම්බා බවුමා දක්වා ඒ කාරණා එසේම ගලා ආවේය.හැන්සි ක්‍රොන්යේ,ග්‍රෙහැම් හික්,ෂේන් පොලොක් ආදි නායකයන් ගොන්නකටම ඒ ජයග්‍රාහී විශ්වාසය ගොඩනඟා ගන්නට නොහැකි විය.එහෙත් මේ මොහොත වන විට එය ඉටු කිරීමට ටෙම්බා බවුමාගේ නායකත්වයට හැකි වී ඇත.
ඔහුගේ වර්ණය මෙන්ම හැඩය ආදි කාරණා පදනම් කරගෙන විවිධ වෙනස් කම් වලට, ඔහුගේ උස සහ පසුබිම ගැන විවේචන එල්ල විය.එය ඉතාම පහත් අන්දමේ පුද්ගල විවේචන විය.එසේම මේවා පදනම් කරගෙන කණ්ඩායමේ ඔහුගේ ස්ථානය පිළිබඳ නිරන්තර සැක ඇති කරන මාධ්‍ය පීඩනයකට ද ඔහුට මුහුණ දීමට සිඳු විය. නමුත් ටෙම්බා බවුමා ඒ සියල්ලටම ඉහලින් නැඟී දකුණු අප්‍රිකාවට ICC කුසලානයක් ගෙනා පළමු නායකයා බවට පත්විය.එංගලන්තයේ ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදි දකුණු අප්‍රිකාව අතින් කඩුලු 5 න් පරාජයට පත් වූයේ බොහෝ ක්‍රිකට් ලෝලීන් විශ්වාසය තැබූ ඔස්ට්‍රේලියා කණ්ඩායමය.

බවුමාට දිගින් දිගට ගල් එල්ල වෙද්දී ඔහු ඒවා ශක්තිමත් අත්තිවාරමක් දමා ගැනීම පිණිස යොදා ගැනීමට සමත් විය.කණ්ඩායම තුළ නායකත්වය ගැන සහ සටන්කාමීත්වය පිළිබඳ විශ්වාසයක් ගොඬ නැඟුවේය.දවසින් දවස බවුමා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තමන්ගේ ස්ථානයට අභියෝගයක් නොවන පසුබිම සහ නායකයෙකු ලෙස නිවැරදි තීරණ ගැනීමට හැකි පුද්ගල පෞරෂ්‍යය පිළිබඳ විශ්වාසය දිනා ගත්තේය.

බවුමා විශ්වසනීයම පිතිකරුවෙක් බවට පත් විය.ඒ පිත්තෙන් ගලන ලකුණු හමුවේ විරෝධයක් ඇති අයට හෝ කණ්ඩායම තුළ නිහඬවන්නට සහ බවුමාට පිළිගැනීම දෙන්නට සිඳු විය.කණ්ඩායමට ඔහුගේ නායකත්වයට ඇහුං කං දෙන්නට සිඳු විය.අවසානයේ දීර්ඝ ඉතිහාසයක් තිස්සේ දකුණු අප්‍රිකාව සතුව තිබුණු සූරතාවන් දිනා ගැනීමට නොහැකි පාපය නිමා කරන්නට බවුමාට දකුණා අප්‍රිකාව මෙහෙයවන්නට ද හැකි විය.
කෙනෙකු අපහාසයට සහ සරදමට ලක් කරන නරකම විදිහ ඔහුගේම අනන්‍යතාවය පහත් හෝ අවර ගණයේ එකක් සේ හැඟෙන ලෙස පැවසීමය.සමහර විට මේ දේවල් කෙනෙකුගේ නිය පොත්තද තව කෙනෙකුගේ නිය සමඟ සසඳා විවේචනය කිරීමද විය හැකිය.ලැජ්ජාව සහ අවමානය ඒ තරම් ප්‍රබල විදිහට තමා දෙසට ගසා දමද්දී ඒවා වැදුණ ද නොවැදුණ ගාණට බවසා කිසිවක් සිඳු නොවූ සේ තමන්ගේ වගකීම වෙනුවෙන් ඉවසන්නට සහ කැපවෙන්නට පුළුවන්නම් මිනිසෙකුට….

බවුමා කළේ එයය.එසේ කර ලෝකයම ජය ගැනීමට හැකි පුද්ගලයෙක් බවට බවුමා පෙන්නා දිම සඳහා තමන්ගේ නායකත්වයේ ආදේශය ලෙස බොහෝ අය හැඳින් වූ ඒඩ්න් මාක්රම් සමඟම එක් වී ගොඩ නැඟූ අමිල ඉණිම අපූරුය.එය ද පාඩම්වලින් පිරුණු ක්‍රිකට්වලට එහා තබා පුද්ගල චරිත සහ පෞරෂය ගැන කතා කළ යුතු වැඩකි.ලකුණු 136 ක් ලබා ගනිමින් පළමු ඉණිමේ දී තමන්ට වඩා ලකුණු 74 ක් ඉදිරියෙන් සිටි ඔස්ට්‍රේලියාව පසු කර යාමේ වගකීම ගැනීමට මාක්රම් විශ්වාසය එන්නත් කළේ බවුමා ය.ලකුණු 70 ට කඩුලු 2 ක් අහිමිව සිටි දකුණු අප්‍රිකාවට ලකුණු 282 ක ඉලක්කයකට යාම සඳහා වැටුණු හොඳම අඩිතාලම දමා දුන්නේ මාක්රම්ට සහය වූ බවුමා ය.පන්දු 134 දි ලකුණු 66 ක් ලැබූ බවුමා තෙවන කඩුල්ල වෙනුවෙන් මාක්රම් සමඟ පැවත්වූ සබඳතාවය ලකුණු 147 ක් විය.බවුමාට ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙන යන්නට ජෙඨෂ්ඨ ක්‍රීඩක කගිසෝ රබාඩා පන්දුවෙන් දුන් සහය ද සුළු නැත.ඔහු ඉණිම දෙකේ දී ලකුණු 51 ට කඩුලු 5 ක් සහ දෙවන ඉණිමේදී ලකුුණු 59 ට කඩුලු 4 ක් දවා ගනිමින් පැ දස්කම් ඉහළ මට්ටමක විය.
ලෝක සූරතාවයක් දකුණු අප්‍රිකාවට හිමි වීම වැදගත්ය.එහි නායකයා ලෙස බවුමා ලෝකයට දුන් ආදර්ශය බොහෝය. වෙනස් සැළකීම් නිසා තැවෙන්නට,පසු බාන්නට නොව අධිෂ්ටානයෙන් සහ කැපවීමෙන් මහන්සි වී වැඩ කළහොත් තමන්ට ගල් ගැසූ අත්වලින් මල් පොකුරු පොකුරු පිරිනැමෙන හැටි දැක ගන්නට හැකි වෙනු ඇත. එය ක්‍රිකට්මය නොවන මුළු ලෝකයටම වැදගත් ආදර්මත් පාඩමක්ය.
තරගයේ ලකුණු සටහන පහත ඇත.
https://bit.ly/4jNIpHD
