*
Friday, April 26, 2024
spot_img

Latest Posts

21 ට බාලගිරි දෝෂය ! තාම සාකච්ඡා කරනවා – විජේදාස !

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා කැබිනෙට්ටුවේ අනුමැතිය හිමි වීම තවත් සති කිහිපයකින් ප්‍රමාද වීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

කඩිනමින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබූ නමුත් පාර්ශ්ව රැසකින් එල්ල වූ විරෝධතා හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දමා තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත එල්ල වූ ජනතා විරෝධය හමුවේ විධායක ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කර යළිත් 19 වැනි සංශෝධනයේ තත්වයට ගෙනඒමට සැළසුම් කළ අතර කෙසේ නමුත් එය යථාර්ථයක් බවට පත් නොවන තත්වයකට පත්ව තිබේ.

විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළයුතු බවට දේශපාලන පක්ෂ කිහිපයක් යෝජනා කර ඇති බැවින් 21 වැනි සංශෝධනය තුළ තවත් වෙනස්කම් සිදුවිය හැකි බවයි. ඊට අදාල සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් 21 වැනි සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම ලබන සතිය දක්වා කල්දමා තිබෙන බවද අමාත්‍යවරයා පවසනවා.

පාර්ලිමේන්තුවේ සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හෙට පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහි අරමුණද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.

මේ අතර පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ලිඛිතව දැනුම් දීම සඳහා තවමත් අවස්ථාව ලැබී නොමැති බවයි. කෙසේ නමුත් විජේදාස රාජපක්ෂ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන්නැයි මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 43 ක නායකයන් වෙත ලිඛිතවම දැනුම් දී ඇති බවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධානතම පක්ෂය වන පොදුජන පෙරමුණට විශේෂයෙන්ම දැනුම් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ඊට අමතරව එම පක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නායකයන් සමග සාකච්ඡා කළ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

එල්ල වූ ජනතා විරෝධය හමුවේ විධායක ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළද, ජනතා විරෝධය සමනය වීමත් සමග විධායක බලතල කප්පාදු කිරීමද දිනෙන් දිනම ප්‍රමාද වෙමින් තිබේ. 21 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර පමණක් නොව කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරුන් අතර පවා එකඟතාවයක් නොමැත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan