කෙටිකාලීන ණයක් හෝ දීමට ජපන් තානාපති පැනවූ කොන්දේසියක් ගැනත් හර්ෂ කියයි (VIDEO)

ශ්‍රී ලංකාව කෙරෙහි තම විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි මෙරට ජපන් තානාපතිවරයා තමන් සමග පැවසූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“එතකොට මේ ලෝකෙ රටවල් ගැන මම කිව්වෙ. කවුද ඉන්නෙ අපිට ? බැරිවෙලාවත් ඉන්දියාව කිව්වොත් නෑ, අපිට ඕගොල්ලොන්ට මීට වඩා නම් උපකාර කරන්න හැකියාක් නෑ කියලා එතකොට මොකද වෙන්නෙ ? ඉතින් අපි ඉන්නෙ ඉතාමත්ම බැරෑරුම් තැනක. අපිට හිතාගන්න හැකියාවක් නෑ, අපි කවුරුත් සුපර් මෑන්ලා නෙවෙයි, කිසිකෙනෙක්ට මේක නැවත අපනයන ක්ෂේත්‍රය දියුණු කරලා නැවත අපනයන ඩොලර් ගේන්න හැකියාවක් නෑ සතියෙන් දෙකෙන්. අපිට කිසිදෙයක් විකුණන්න ඕනෙ වුණත් විකුණන්නත් බෑ සතියෙන් දෙකෙන්. බැරිම තැන විකුණන්න එපැයි මොනවාහරි, විකුණන්නත් මොනවද දැන් තියෙන්නෙ ? කවුද ගන්නෙ ? සමහරු කිව්වා අපට පුළුවන් ජපානෙන් ගේන්න, අපට පුළුවන් වෙන තැනකින් ගේන්න කියලා. ඉතින් ගේන්න පුළුවන් නම් ගේන්න එපැයි. එහෙම ගේන්න බෑ.

මම ජපානෙ තානාපතිතුමාත් එක්ක කතා කළා. එතුමා මට කිව්වා හර්ෂ, ලංකාව කෙරෙහි අපේ සම්පූර්ණයෙන්ම බිඳවැටිලා කියලා. දැන් මම දැක්කා අගමැතිතුමා ඊයෙ පෙරේදා කියලා තිබ්බා මේ විශ්වාසය බිඳවැටිලා, ඒක ගොඩනගන්න සෑහෙන කාලයක් අපට යයි කියලා. ඉතින් ඒක තමා ඇත්ත. එතකොට ජපානෙ තානාපතිවරයා කියනවා ඕගොල්ලොන්ට කෙටි කාලීන ණයක් හරි දෙන්න නම් එක්කො සර්ව පාක්ෂික ආණ්ඩුවක් තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම ණය ගිවිසුම අත්සන් කරන්න ඕනෙ කියලා. කවදාවත් විපක්ෂයේ මන්ත්‍රීලා අත්සන් කරලා නෑ ආණ්ඩුව ගන්න ණයකට. එහෙම නම් තියෙන එකම විසඳුම තමයි සර්ව පාක්ෂික ආණ්ඩුව”

හර්ෂ ද සිල්වා මහතා මේ බව පවසා තිබුණේ පසුගියදා පැවති රැස්වීමකදී ය.

එහිදී ඒ මහතා මේ ආකාරයෙන්ම මැදපෙරදිග පාලකයින් දෙදෙනෙකු පිළිබඳව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාත් ඈඳාගනිමින් කළ ප්‍රකාශයක් නිවැරදි නොවන බව නෂීඩ් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...