රුවන්ඩාවට සරණාගතයන් රැගෙන යාමට නියමිතව තිබූ පළමු ගුවන් යානය ECtHR මැදිහත්වීමෙන් අවලංගුයි!

Date:

එක්සත් රාජධානියේ සිට රුවන්ඩාවට සරණාගත‍ෙන් රැගෙන යාමට නියමිතව තිබූ පළමු ගුවන් යානය ගුවන් ගත වීමට මිනිත්තු කිහිපයකට පෙර අවලංගු කර තිබෙන බව වාර්තා වේ.

මෙසේ අවලංගු කිරීම සිදු කර ඇත්තේ අඟහරුවාදා (14) දින සවස සිට සාකච්ඡාවට ගැනුනු නීත්‍යානුකූල තීන්දුවලින් අනතුරුවයි.

පුද්ගලයන් හත් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙම ගුවන් යානය හරහා නැගෙනහිර අප්‍රිකාවට ගෙන යාමට නියමිතව තිබුණි. නමුත් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ (ECtHR) මැදිහත්වීමෙන් ගුවන් ගමන නතර කරන ලදී.

එක්සත් රාජධානියේ ස්වදේශ ලේකම් ප්‍රීති පටෙල් පවසා තිබුණේ මේ සිදුවීම හේතුවෙන් ඇය ඉතා කලකිරීමට පත් වූ නමුත් ඊළඟ ගුවන් ගමන සඳහා සූදානම් වීම දැන් සිටම ආරම්භ වන බවයි.

කෙසේ වෙතත්, Detention Action ප්‍රචාරක කණ්ඩායමේ ජේම්ස් විල්සන් පැවසුවේ ECtHR හි මෙම මැදිහත්වීම මෙම සරණාගතයන් රුවන්ඩාවට යැවීම කොතරම් භයානක විය හැකි ද යන්න පෙන්නුම් කරන බවයි. එළඹෙන මාසයේ පැවැත්වීමට නියමිත මහාධිකරණ නඩු විභාගයකදී බ්‍රිතාන්‍ය රජයේ මෙම ආන්දෝලනාත්මක සරණාගත ප්‍රතිපත්තිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන තුරු කිසිවෙකුට බලහත්කාරයෙන් ගුවන් යානයකින් ගෙන නොයා යුතු බව අධිකරණය පිළිගෙන ඇති බව ඔහු පැවසීය.

https://outboundtoday.com/එංගලන්තෙට-එන-සරණාගයන්-රු/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...