නවයෙ පහයි දහයෙ තුනයි හෙට නොර්වේ දී හැප්පෙති

Date:

හෙට (ජූනි 16) නෝර්වේ හී ඔස්ලෝ නුවර පැවත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහභාගි වෙයි.ලෝකයේ වේගවත්ම තරගකරුවන් සහභාගි වන මෙම ඉසව්වේ ක්‍රීඩකයින් පස් දෙනෙකුම තත්පර නවයේ සීමාවේ මීටර් 100 නිමා කරමින් සිය හොඳම දක්ෂතාවය දැක් වූ අයය.යුපුන් ඇතුළු ක්‍රීඩකයන් තිදෙනෙක් තත්පර 10 සීමාවේ සිය හොඳම දක්ෂතාවය දක්වා ඇති අතර ඔවුන් ද සිටින්නේ තත්පර නවයේ සීමාවට ආසන්න මට්ටමකය.

හෙට පැවත්වෙන තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ගේ ස්වභාවය අනුව අතිශය වේගවත් ධාවනයක් අපේක්ෂා කළ හැකි අතර ඒ අනුව යුපුන්ගේ නමට ඇති මීටර් 100 වාර්තාවද වෙනස් වීමට බොහෝදුරට ඉඩ ඇත.

හෙට (16) ඔස්ලෝ වෙලාවෙන් රාත්‍රි 8.39 ට පිරිමි මීටර් 100 ඉසව්ව ඇරඹෙන්නට නියමිතය.එය ලංකාවෙි වේලාවෙන් ජූනි 17 දා අළුයම 00.11 ට පමණය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...