”හෝමූස් විවෘතයි; ඔබේ එන්ජින් පනගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ දෙන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සටන් විරාම ගිවිසුමකට එකඟ වී ඇති බවත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගාස්තු රහිත නැව්ගත කිරීම දැන් ආරම්භ වන බවත් නිවේදනය කර තිබේ.

ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Socialහි සටහනක් එක් කරමින් කියා තිබුණේ, ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ඇති ගනුදෙනුව දැන් සම්පූර්ණන බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගාස්තු රහිතව විවෘත කිරීමට මම මෙයින් සම්පූර්ණයෙන්ම අවසර දෙන අතර, එක්සත් ජනපද නාවික අවහිරය වහාම ඉවත් කරන බවත්, ලෝකයේ නැව්වලට ඔබේ එන්ජින් පනගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ දෙන්න යනුවෙනි.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, බොහෝ ජනාධිපතිවරුන් ඉරානය සමඟ සාමය ඇති කර ගැනීමට උත්සාහ කර ඇති අතර, මා ඉදිරියේ සියල්ල අසාර්ථක වී ඇත. කලාපයේ නායකයින් පළමු වරට සැබෑ සාමය ළඟා කර ගැනීමට උපකාර කළ හැකි ජනාධිපතිවරයෙකු සොයාගෙන ඇති බවයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් Xහි සටහනක් එක් කරමින් කියා තිබුණේ දෙපාර්ශවය අතර නිල අත්සන් කිරීමේ උත්සවය ජුනි 19 වන සිකුරාදා ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට සුදානම් කර ඇති බවත්, දැඩි සාකච්ඡාවලින් පසුව, ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සාම ගිවිසුම ළඟා වී ඇති බව නිවේදනය කිරීමට අපි සතුටු වෙමු. ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණු වල හමුදා මෙහෙයුම් වහාම සහ ස්ථිරවම අවසන් කරන බව දෙපාර්ශ්වයම ප්‍රකාශ කර ඇත. යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...