*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

එළැඹෙන සතියේ දී රාජ්‍ය ආයතන කිහිපයක් කෝපා කමිටුව හමුවට!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW):

එළැඹෙන සතියේ දී රාජ්‍ය ආයතන කිහිපයක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබේ.

කෝපා කමිටුව එළැඹෙන සතියේ දී දින තුනක් රැස්වීමට නියමිත බව වාර්තා වන අතර, අනිද්දා (18) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති අතර 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව පැවසේ.

තවද, එළැඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිත අතර, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසූවේ, එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහිදී සොයාබැලීමට නියමිත බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan