කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය සම්භන්ධව විගණන වාර්තාවක් හෙළිකළ රු.කෝ.9ක පාඩුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16 , කොළඹ (LNW):

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලය වෙනුවෙන් ගිනි ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම අසාර්ථක කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් රුපියල් කෝටි 9ක පමණ පාඩුවක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගනණ වාර්තාවක පෙන්වා දී ඇත,

මෙම පාඩුව සිදුව ඇත්තේ කොන්ත්‍රාත්කරුට පවරා තිබූ එම ඉදිකිරීම් කොන්තාත්තුව දුර්වල කාර්ය සාධනය හේතුවෙන් අවලංගු කර වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට පැවරීම හේතුවෙන් බවත් එහි දැක්වෙන බව සඳහන් වේ.

ගිනි නිවන ආරක්ෂණ පද්ධතිය ඉදි කිරීම සඳහා කෝටි දහයක පමණ පිරිවැය ඇස්තමේන්තුවක් මත 2020 මාර්තු 31 දිනට වැඩ අවසන් කිරීම මත 2021 ජනවාරි 1 දින පිරිනැමූ කොන්ත්‍රාත්තුවට කෝටි හතරකට වැඩි මුදලක් ගෙවා තිබියදී කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්ය සාධනය මත එම කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇතැයිද සඳහන් වේ.

ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් 18 දින වෙනත් කොන්ත්‍රාත්කරුවෙකුට කෝටි 18කට වැඩි පිරිවැය ඇස්තමේන්තුවකට මේ වසරේ වැඩ අවසන් කිරීම මත පවරා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසන අතර, එම කාර්ය කොන්ත්‍රාත් දෙකක් මත නිම කිරීමට සිදුවීමෙන් කොටි නවයකට ආසන්න වැඩිපුර වියදමක් දරා ඇතැයි විගනණ විමර්ශනවලදී හෙළිව තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...

ටෙහෙරාන් සහ අනෙකුත් ඉරාන නගරවල දැවැන්ත රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩවම

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම...

මෙලීසා කළ හානිය පියවන්න කෝ ගේ සහය

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ජැමෙයිකාවට මෙලිසා සුළි කුණාටුවෙන්...