කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම් අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.
රටේම අවධානය මේ කෙරෙහි යොමුවී ඇති අතර අපට ලැබෙන ආරංචිමාර්ග අනුව අද උදෑසන වනවිට ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාව සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අපේක්ෂකයාගේ ඡන්ද පදනම පිළිබඳ තත්වය මෙසේ ය.
ව්‍රායි කැලී බල්තසාර් – 56
රීසා සාරුක් – 61
ඊයේ දහවල් වනවිට රීසා සාරුක්ට මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය පළවන බව වාර්තා වී තිබුණු නමුත් ඊයේ රාත්‍රිය වනවිට ඉන් එක් මන්ත්‍රීවරයකු ඉවත්ව ඇති බව වාර්තා විය. ඒ අනුව රීසා සාරුක්ට සහාය දෙන මන්ත්‍රී සංඛ්‍යාව 61ක් දක්වා අඩුවී ඇති නමුත් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය වන්නේ මන්ත්‍රී ධුර 59ක් පමණක් බැවින් ඔහු ඉදිරියෙන් සිටී.
ව්‍රායි කැලී බල්තසාර්ට ලැබී ඇත්තේ ජාතික ජන බලවේගයේ 48 දෙනාත් සමග 56 දෙනෙකුගේ සහාය පමණි. කෙසේවෙතත් ජාජබ පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ රහස් ඡන්දයකදී තමන්ට තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහාය පළවීමට නියමිත බවකි.
මේ අතර, නගරාධිපති ධුරය සඳහා රීසා සාරුක්ට ලැබෙනු ඇත්තේ ඡන්ද 61ක් වුවත් නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන කිත්සිරි රාජපක්ෂට ඡන්ද 62ක් ලැබෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
මේවායේ ඇත්ත නැත්ත තවත් පැය කිහිපයකදී හරියටම දැකබලා ගැනීමට හැකිවනු ඇත.
සබැඳි පුවත් –
