වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා “ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය” ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් “සරණ” නමින් උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා.

0707 89 88 89 දරණ වට්ස්ඇප් අංකය හරහා දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් හට නඩත්තු ඉල්ලීම පිළිබඳ ඕනෑම අවස්ථාවක ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට තොරතුරු ලබාදිය හැකි වනවා.

මෙම අවස්ථාව සංකේත්වත් කරමින් අද 16.06.2025 දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිළවශයෙන් වට්ස් ඇප් අංකය ජනගත කිරීම සිදුකරණු ලැබුවා.

එමෙන්ම වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීපව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක්ද සිදුකෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් හේමා පෙරේරා මහත්මිය, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු අමාත්‍යංශීය නිළධාරින් පිරිසක් එක්ව සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...