පෙරළිකාර පානදුර සීසීසී ඉද්රියේ පෙරැළෙයි. කරනවනම් අලුත් සංස්කෘතික අදහසක් සීසීසී පිටියෙන් මතු වෙයි.

Date:

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවපු අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රීඩා සමාජ තරගාවලියේ සූරතාව දිනා ගන්නට සීසීසී කණ්ඩායමට හැකි වුණා.ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති සහ නියෝජනය කරමින් සිටින පිරිසක් පිරිවරා තරගාවලියට පිවිසි සීසීසි කණ්ඩායම අවසන් තරගයේදී මුහුණ දුන්නේ තවත් එවැනිම කණ්ඩායම්වලට පාඩම් ඉගැන් වූ පානදුර කණ්ඩායමයි.සූරතාවය සහ අනු සූරතාවයට දෙවැනි නොවන අලුත් සංකල්පමය කාරණා ගණනාවක්ද තරගාවලිය හරහා දකින්න ලැබීම මෙහිදී අවධානයට ලක් විය යුතුයි.


තරගාවලිය පුරාවටම අයහපත් කාලගුණය තරගාවලියට බලපෑම් කරනු ලැබුවා.ඒ නිසාම අවසාන තරගය සීසීසී පිටියට අලුත් අත්දැකිමක් කරමින් දිවා රාත්‍රි තරගයක් ලෙස රැඟෙන ආවද වර්ෂාවෙන් තරග තණනිල්ල රැක ගැනීමට ආවරණය කර තිබුණා.මේ නිසාම කාසියේ වාසිය දිනූ සීසීසී නායක වනිඳු හසරංග පළමුව පන්දු රැකිමට තීරණය කළා.


විශ්ව ප්‍රනාන්දු,නුවන් තුෂාර,ඉසුරු උදාන,වනිදු හසරංග,චතුරංග ද සිලවා වැනි ප්‍රබල ජාතික කණ්ඩායමට සම්බන්ධ සහ සම්බන්ධව සිටි ක්‍රීඩකයින් මෙන්ම සීසීසී පන්දු යැවීමේ බල ඇණියට ඉනුක කරන්නාගොඩද අයත් වුණා.තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ විශේන් හැළඹගේ සිය වටිනාකම මොනවට පැහැදිළි කරමින් මේ පන්දු යැවීමේ බළ ඇණියෙන් පන්දු 37 දී ලකුණු 73 ක් ලබා ගත්තේ හතරේ පහර පහක් සහ හයේ පහර හයක් සමඟයි.ඔහුට කදිම සහයක් දුන් නායක දුෂාන් හේමන්ත පස්වන කඩුල්ලට ලකුණු 64 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.හේමන්තගේ දායකත්වය පන්දු 16 න් ලකුණු 16 ක් වුණා.


සීසීසි කණ්ඩායම අනපේක්ෂිතම ප්‍රහාරයට ලක් වුණේ අටවන කඩුල්ල සඳහා සෙනිත් හැළඹගේ සහ විශ්ව ලහිරු කුමාර ඇති කරන ලද සබඳතාවයේදී යි.එහිදී නොදැවි පන්දු 17 ක් තුළ ලකුණු 36 ක් පබා ගන්නට සෙනිත් සමත් වෙනවා.ලහිරු කුමාරගේ දායනත්වය පන්දු 18 දී ලකුණු 20 ක් වුණා.පන්දු යැවීමේදී පානදුර ට එරෙහිව විශාල පීඩනයක් ඇති කරන්නට සමත් වුණ විශ්ව ප්‍රනාන්දු ලකුණු 7 ක් දී කඩුලු 2 ක් දවා ගත්තේ පන්දු ඕවර් 3 ක් පමණක් යවමින්.දතුරංග ද සිල්වා ලකුණු 26 ට කඩුලු 2 ක් දවා ගත්තා.


පිළිතුරු ඉණිමේදී සීසීසී කණ්ඩායමට තරගාවලිය පුරාම පිත්තෙන් විශාල දායකත්වයක් දැක් වූ නිශාන් මධුශ්ක පළමු පන්දුවෙන්ම දැවි ගියත් ලසිත් කෘස්පුල්ලෙ පන්දු 39 න් ලකුණු 78 ක් ලබා ගන්නට සමත් වුණා.ඔහු සමඟ එක් වූ තරුණ දුල්මිත් සිගේරා පන්දු 34 දී ලකුණු 38 ක් ලබා ගනිමින් දෙවන කඩුල්ලට ලකුණු 106 ක සබඳතාවයක්ද ඇති කරමින් කෘස්පුල්ලේට සීසීසී ජයග්‍රහණය සහතික කරන්නට ඉහළම සහය ලබා දුන් ක්‍රීඩකයා බවට පත් වුණා.ඉනික්බිති 18 වන ඕවරයේ හතරවන පන්දුවේදී සීසීසී ලකුණු පූවරුව කඩුලු 4 ට 174 ක් කරන්නට විශාල දායකත්වයක් දැක් වූ චතුරංග ද සිල්වා සහ වනිඳු හසරංග දෙසොහොයුරන් විස්සයි විස්ස කුසලානය සිසීසී සතු කර ගන්නට සමත් විය.


සීසීසී යේ රාත්‍රිය ගෙවුණු මේ තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ නව සංස්කෘතික පිබිදීමක් වීමට මඟ පෙන්වීමකි.ක්‍රීඩාංගණය වට කොට ඇති නිදහස් මාවත මෙන්ම මේට්ලන්ඩ් පෙදෙස ද වට කොට දෙපසට විවෘත සීසීය රාත්‍රී ක්‍රිකට් සංස්කෘතියක් කෙරෙහි විශාල වියදමකින් තොරව පිවිසිය හැකි මාවතක් විවර කි දීමකි.සාපේක්ෂව දිවා රාත්‍රි තරග පැවත්වෙන විශාල පිරිවැයක් දැරිය යුතු ක්‍රීඩාංගණවලින් තොරව හොඳ තණතීරුවක් සහිත ක්‍රීඩාංගණයක රාත්‍රී තරග සංස්කෘතියක් ඇරඹෙන්නේනම් වැඩි අවස්ථාවක් ලාංකේය ක්‍රීඩකයන්ට රාත්‍රී විස්සයි විස්ස තරග සම්බන්ධයෙන් ලබා ගත හැකිය.එසේම විවෘත ප්‍රදේශයක බැවින් ඒ අවට වෙනම රාත්‍රීයට අදාළ ආර්ථික ක්‍රීයාවලියක්ද සමාජයට සමීප කර ගැනීමට හැකිය.ක්‍රිකට් සමඟ වෙනම ආර්ථික පරිභෝජන රටාවක් සකස් විම වගේම ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාවන්ද පහසුවෙන් අමතක කළ නොහැක.ලාබාල හැළඹගේ ඥාති සොයුරන් ඊයේ මේ අවස්ථාව සම්බන්ධයෙන් දකින්නට ලැබුණු හොඳම උදාහරණයය.


විශේන් මෙන්ම සෙනිත් ද අලුත් දක්ෂතා දැක් වූ යෞවනයෝ ද විස්සයි විස්ස රටාව තුළ මේ තරගාවලියේදී පෙන් වූ දස්කම් අති විශිෂ්ඨය.ඒ අයට මේ තල්ලු වෙන්නේ ජාතික කණ්ඩායමටය.ඒ සඳහා සුදුසු රාත්‍රියේ තරග කර ලබා ගන්නා අත්දැකීම් සඳහා වැඩි පිරිසකට මෙවැනි ක්‍රීඩාංගණවල දිවා රාත්‍රී තරග සඳහා උදාවන අවස්ථාවන් වැඳගත් බවත් මේ තරගයේදී පැහැදිළි වුණා.ඒ සම්බන්ධයෙන් ද ක්‍රීකට් ආයතනයේ වගේම ක්‍රීඩා අමාත්‍යංශයේද අවධානය යොමුවීම වැදගත්.
තරගය ගැන මෙන්ම එහි ආකෘතිය ගැන ද පැවත් වූ ආකාරය ගැන ද අදහසක් ඇති කර ගන්නට හැකි තරගාවලියක් වූ මේ තරගාවලියේ සීසීසී කණ්ඩායමට සූරතාවය දිනා දෙන්නට අවසන් තරගයේ පෑ දස්කම් නිසා තරගයේ වීරයා බවට ලසිත් කෘස්පුල්ලේ පත් වුණා.තරගාවලියේ වීරයා වූ විශේන් හැළඹගේ මෙන්ම තරගාවලියේ දක්ෂතා සළකා විශේෂ ඇයීම් සඳහා නම් කළ ක්‍රීඩකයින් පහතින් දක්වා තිබෙනවා.
හොඳම පන්දු යවන්නා – සම්පත් නිශ්ශංක (NCC)
දක්ෂතම පිතිකරු – විශේන් හැලඹගේ (පානදුර SC)
අවසන් තරගයේ ක්‍රීඩකයා – ලසිත් කෲස්පුල්ලේ (CCC)
තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – දුෂාන් හේමන්ත (පානදුර SC)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...