අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

Date:

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන් විපක්ෂය වටා ඒකරාශී වූ ස්වාධීන කණ්ඩායම් හෝ සුළු පක්ෂවලින් ජන්ද හතක අඩුවක් සිදුවූ අතර තමන් නියෝජනය කරන පාර්ශවයේ කළු බැටළුවන් ඉඳ ඇති බව සමඟි ජන බලවේගයෙන් කොළඹ පුරපති සටනේ සිටි රීසා සරූක් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශ්වාස කර වැඩේට බැස්සද විශ්වාසය පළුදු කළ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකි බවයි සරූක් මහතා කියාසිටියේ.

කෙසේවෙතත් කොළඹ නගරයේ ජනතාවගේ මෙන්ම කොළඹට සංක්‍රමණය වන ජනතාවගේ සුඛවිහරණය සඳහා නව පුරපතිනිය ලෙස පත්වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය විසින් ගන්නා වූ යහපත් ක්‍රියාමාර්ග වෙනුවෙන් ප්‍රගතිශීලි විපක්ෂයක් ලෙස සහයෝගය පළකරන බවද සරූක් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීම රහස්‍ය ජන්දයක් හරහා සිදුකළේ සැලසුම් සහගතව වන බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ රොස්මිඩ් පෙදෙසේ නිවසක සාකච්ජාවක් සිදුකර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජන්ද ප්‍රතිඵලය වෙනස්ව ඇති බවද මමහතා සඳහන් කරන ලදී.

විවෘත ජන්දයකට ගියා නම් විපක්ෂයේ සිට ආණ්ඩුවට සහය පළකළ අයට එසේ නොකර තමන්ට සහය දැක්වීමට සිදුවන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත්...

අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW : 2015 වසරේ...

වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ‘ජාතික...

කොළඹ කොටස් වෙළඳපොලෙන් අදත් වාර්තාවක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ...