ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බව වාර්තා වේ.

එය ඔහුගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානතම පොරොන්දුවක් වන අතර පසුගිය ජුනි මස6වන දින සිට ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් වැටලීම්වලට එරෙහිව මහා පරිමාණ විරෝධතා පැනනැඟී ඇති අතර, විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ට්‍රම්ප් ජාතික ආරක්ෂක හා මැරීන් භටයන් යොදවන ලදී.

මේ හා සමාන ට්‍රම්ප් විරෝධී විරෝධතාවයන් 2000ක් පමණ මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර Truth Social හි සටහනක් එක් කරමින් ජනාධිපති ට්‍රම්ප් ෆෙඩරල් ආයතනවලින් ඉල්ලා සිටියේ, ඉතිහාසයේ විශාලතම තනි සමූහ පිටුවහල් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ බලයේ ඇති සියල්ල කරන ලෙසයි.

එහි ලොස් ඇන්ජලීස්, චිකාගෝ සහ නිව්යෝර්ක් නිශ්චිත ඉලක්ක ලෙස නම් කර ඇති අතර එක්සත් ජනපදයේ දේශීය සන්සුන් භාවය අඩපණ කරන ඕනෑම අයෙකු රට තුළට ඇතුළු වීම වැළැක්වීමට ඔහු පොරොන්දු වන බවත්, ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලනය (DEA) සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ඇතුළු විවිධ ෆෙඩරල් කාර්යාලවලට සිය නොසැලෙන සහයෝගය තිබෙන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...