හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

Date:

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW:

මීටර් 400 කඩුලු ඉසව්ව සහ මීටර් 400 ඉසව් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කේෂ්ත්‍රය ලෝකයට කැඳවා ගෙන ගිය ඉසව්ය.ශ්‍රී ලංකාව පළමු වරට ලෝක ඉහළින්ම ය ජයගත් මලල ක්‍රීඩා ඉසව්ව වන්නේ මීටර් 400 කඩුලු ඉසව්වය.ඒ ඩන්කන් වයිට්නම් විශිෂ්ඨයාගේ දායකත්වයෙන්ය.ඉනික්බිති මීටර් 400 ඉසව්වේ ද ඩබ්ලිව් විමදලාසගේ සිට සුගත් තිලකරත්න,රොහාන් ප්‍රදීප් පෙරේරා,ප්‍රසන්න අමරසේකරලාගේ ද සිට අරුණ දර්ශන,කාලිංග කුමාර දක්වාද විශාල පිරිසක් මේ ඉසව්ව ඇැතුළේ වැඩ පෙන්වා ඇත.කාන්තා තරග අංශයෙන්ද මීටර් 400 වැදගත් ඉසව්වක්.එහි ඉහළම සිටින්නී දමයන්ති දර්ශා යි.ඉනිත්බිති චන්ද්‍රිකා සුභාෂිනී,මේනකා වික්‍රමසිංහ පමණක් නෙවේ ජයමිණි ඉලේපෙරුම වැනි ක්‍රීඩිකාවන්ද ඉතිහාසයේ ජාත්‍යන්තර ජයග්‍රහණවලට දායක වූ අයයි.


මෙවර නිමාව දුටු ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ද අලුත් වූ වාර්තා අතර වැඩි ඉඩක් මීටර් 400 ඉසව්වට සහ මීටර් 400 කඩුලු ඉසව්වට වෙන් වී තිබුණා.ඒ අතරින් මෙම ඉසව් දෙකේ නව වාර්තා අතර එක නමක් සඳහන් වීම කැපී පෙණුනා.ඔහු අයෝමාල් අකලංකයි.මේ වන විටත් මීටර් 400 කඩුලු ඉසව්ව වෙනුවෙන් යොවුන් ක්‍රිඩකයෙකු ලෙස ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයෙකු වන අයෝමාල් එම ඉසව්ව තත්පර 50.20 දී නිමා කර නව වාර්තාවක් තැබුවා.එසේම ඔහු මීටර් 400 ඉසව්වද තත්පර තත්පර 46.46 න් නිමා කර එම ඉසව්වේද අවුරුදු විස්සෙන් පහළ ක්‍රීඩා උළෙල වාර්තාව තමන් සතු කර ගත්තා.


එසේම මෙම ක්‍රීඩා උළෙලේ අවුරුදු 16 න් පහළ දුර පැනීමේ සූරිය විදිහට නව වාර්තාවක් තබමින් එම ඉසව්ව ජය ගනිමින් දිල්නි රාජපක්ෂත් අසීමිත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක්.මේ වන විටත් ලංකාවේ දුර පැනීමේ කාන්තා ඉස්වවේ ඉතිහාසය ගත්තම මීටර් 5 සීමාව පසුකර සිටින ක්‍රිඩිකාවන් අතරින් කෙනෙකු වන ඇයට අනාගතය වෙනුවෙන් ඉතුරුව තිබෙන විශාල කාලය විශාල බලාපොරොත්තු තැබිය හැකියි.එසේම උස පැනීම ඉසව්වටද සහභාගි වී ජය ගෙන ඇති දිල්නි එම ඉසවවල පැනීමේ ශක්තිව ලබා ගැනීමට සිය වම සහ දකුණු පාද වෙන වෙනම පාවිච්චියට ගන්නා බැවින් එහි වාසිය හොඳටම ගැලපෙන තුන්පිම්මට මෙම තරග උළෙලේදි ඇයව අත් හදා බැලුණා.එහි ප්‍රතිපල මනාව පෙන් වූ ඇය එම ඉසව්ව මීටර් 11.66 ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් ද සමඟ ජය ගත්තා.
හටස්ම තුන්පිම්ම ඉසව්වේ මීටර් 13.03 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 23 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූ මධුෂානි හේරත් ද ඇය නව තරග වාර්තාවක් නොතැබුවද අනාගතය වෙනුවෙන් විශාල බරක් තැබිය හැකි ක්‍රීඩිකාවක් වෙනවා.කෙසේ වුව ද මෙ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නමින් නව වාර්තා තිස් හතරක් සහ වාර්තා සම කිරීමක්ද වාර්තා වුණා.මේ සියල්ලත් උළෙලේ තරග ජයගත් සියල්ලමත් පිළිබිඹු කරන්නේ මේ රටේ මලල ක්‍රීඩා අනාගතයයි.නව වාර්තා තැබීම් වගේම විවිධ වයස් කාණ්ඩවල දක්ෂතා වෙනුවෙන් ඇගයීම් ලද ඉහළම දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ සමඟ ඉදිරිපත් කරනවා.


සුසන්තිකා ජයසිංහ අභියෝගතා කුසලානය
කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය විසින් පරිත්‍යාග කරන ලදී

වයස අවුරුදු 16 න් පහළ බාලිකා කාණ්ඩයේ හොඳම ක්‍රීඩිකාවට


.
දිල්නි රාජපක්ෂ – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – දුර පැනීම මීටර් 5.96 *
NAQNA කුරේරා අභියෝගතා කුසලානය
ජනසතු සේවා මලල ක්‍රීඩා සංගමය විසින් පරිත්‍යාග කරන ලදී
වයස අවුරුදු 16 න් පහළ පිරිමි කාණ්ඩයේ හොඳම ක්‍රීඩකයාට
.
දෙනෙත් කෞසිත් – ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොළඹ – කවපෙත්ත විසි කිරීම මීටර් 50.85
දමයන්ති දර්ශා අභියෝගතා කුසලානය
ට්‍රැක් මාස්ටර් ක්‍රීඩා සමාජය විසින් පරිත්‍යාග කරන ලදී
වයස අවුරුදු 18 න් පහළ බාලිකා කාණ්ඩයේ හොඳම ක්‍රීඩිකාවට
.
ධනංජන ප්‍රනාන්දු – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – මීටර් 200 තත්පර 24.45 *
එන්. වයිරවනාදන් අභියෝගතා කුසලානය
ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් පරිත්‍යාග කරන ලදී
අවුරුදු 18 න් පහළ පිරිමි කාණ්ඩයේ හොඳම ක්‍රීඩකයාට
ඊ පී පවන් බිම්සර ඒකනායක – ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය – මීටර් 110 පැය තත්පර 14.08 *
.
දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්ලිව්. විමලදාස අභියෝගතා කුසලානය
කුරුණෑගල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය විසින් පරිත්‍යාග කරන ලදී
අවුරුදු 20 න් පහළ බාලිකා කාණ්ඩයේ හොඳම ක්‍රීඩකයාට
.
කේ. තක්ෂිමා නුහන්සා – මාතර සීසී, මාතර – මීටර් 400 තත්පර 55.03
ඩී. ස්ටැන්ලි තාබෲ අනුස්මරණ අභියෝගතා කුසලානය
ගාල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය විසින් පරිත්‍යාග කරන ලදී
වයස අවුරුදු 20 න් පහළ පිරිමි කාණ්ඩයේ හොඳම ක්‍රීඩකයාට
.
කේ එල් අයෝමාල් අකලංක – අඹගමුව සීසී, අඹගමුව – මීටර් 400 පැය තත්පර 50.20 *
අවුරුදු 23න් පහළ බාලිකා කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාවට
එච් එම් නෙත්මිකා මධුෂානි හේරත් – ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සමාජය – තුන්පිම්ම මීටර් 13.03
අවුරුදු 23න් පහළ බාලක කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා වෙත
.
පී රුමේෂ් තරංග – ශ්‍රී ලංකා ගුවන් හමුදාව – හෙල්ල විසිකිරීම මීටර් 82.93 * .
මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අභියෝගතා කුසලානය
තරග උළෙලේ විශිෂ්ඨතම ක්‍රීඩකයා
.
කේ එල් අයෝමාල් අකලංක – අඹගමුව සීසී, අඹගමුව – මීටර් 400 පැය තත්පර 50.20 *

(* දක්වා ඇත්තේ නව වාර්තාවන්ය.)

නව උළෙල වාර්තා


1 U 23 පිරිමි 200M 21.34 තත්. ඉඳුසර විදුෂාන් ට්‍රැක් මාස්ටර්ස් ක්‍රීඩා සමාජය
2 U 23 පිරිමි හෙල්ල විසිකිරීම 82.93 රුමේෂ් තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාව
3 U 23 පිරිමි කවපෙත්ත විසිකිරීම 47.50 එම්එස්කේ මිතුන්රාජ් යුද හමුදාව
4 U 23 පිරිමි මිටිය විසි කිරීම 43.26 එම්එස්කේ මිතුන්රාජ් යුද හමුදාව
5 U 20 පිරිමි 200M 21.23 තත්පර ඉදුප සිල්වා ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ
6 U 20 පිරිමි 400M 46.46 තත්පර අයෝමල් අකලංක අඹගමුව CC, අඹගමුව
7 U 20 පිරිමි 400MH තත්පර 50.20 අයෝමල් අකලංක අඹගමුව CC, අඹගමුව
8 U 20 පිරිමි 3000M තත් 8:32.7 ඉලංගෝ විකිර්තාන් පූවරසන්කුලම් ම.වි., වවුනියාව
9 U 20 පිරිමි 3000M බාධක දිවීම 9:25.81 තත්. ඉලංගෝ විකීර්තන් පූවරසන්කුලම් ම.වි, වවුනියාව
10 න් පහළ 20 පිරිමි මිටිය විසි කිරීම 41.50 විමලතාස් නිතාර්සන් හාට්ලි විද්‍යාලය, පේදුරුතුඩුව
11 U 18 බාලක 400M 47.58 තත් I එම් බෝගොඩ ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි.
12න් පහළ 18න් පිරිමි 1500M තත්පර 4:00.47 ලහිරු අචින්ත ශාන්ත ඇලෝසියස් විද්‍යාලය රත්නපුර
13න් පහළ 18න් පිරිමි 110MH තත්පර 14.08 පවන් බිම්සර ඒකනායක ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය, කොළඹ
14න් පහළ 18න් පිරිමි ත්‍රිත්ව පැනීම 15.50 එම්ජේඑල් ජෙන්කින්ස් ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර
15න් පහළ 18න් පිරිමි 3000M 8:42.85 ලහිරු අචින්ත ශාන්ත ඇලෝසියස් විද්‍යාලය රත්නපුර
16න් පහළ 16න් පිරිමි 100MH තත්පර 13.17 ඩබ්ලිව්ඩීඑන්ඩී ප්‍රනාන්දු ශාන්ත මරියා විද්‍යාලය, හලාවත
17න් පහළ 16න් පිරිමි 300mH 39.73 එම්ඩලිව්ව්එන්ඊ සිල්වා ශාන්ත මරියා විද්‍යාලය – හලාවත
18න් පහළ 16න් පිරිමි මිටිය විසි කිරීම 40.68 එම්එස්එම් කරුණාරත්න තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය
19 U 23 බාලිකා 400MH 1:00.41 තත් එල්ජීඒ සත්සරණි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
20 U 23 බාලිකා දුර පැනීම 6.02 එම්අයිඑස්ඩබ්ලිව් ආරච්චි ශ්‍රී ලංකා යුධ හමුදාව
21 න් පහළ 20 බාලිකා රිටි පැනීම 3.40 එම් සෙල්වරාසා නිරුසික අරුණෝදය විද්‍යාලය, අලවෙඩ්ඩි
22 න් පහළ 18 බාලිකා මීටර් 100 (උණුසුම) තත්පර 12.02 ධනංජන ප්‍රනාන්දු ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
23 න් පහළ 18 බාලිකා මීටර් 200 තත්. 24.45 ධනංජන ප්‍රනාන්දු ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල
24 U 18 බාලිකා 1500M 4:33.85 තත් තරුෂි අභිෂේකා වික්‍රමබාහු C C ගම්පොල
25 න් පහළ 18 බාලිකා උස පැනීම 1.74 මිහින්සා දෙව්මිණි අබේරත්න ජනාධිපති විද්‍යාලය රත්නපුර
26න් පහළ 18න් බාලිකා ත්‍රිත්ව පැනීම 12.44 මි.මී. දිල්කි නෙහාරා ශ්‍රී සුමංගල බී.එම්.වී., පානදුර
27න් පහළ 18න් බාලිකා මිටිය විසි කිරීම 40.81 මි.මී. ශාලෝමි ජයකොඩි තක්ෂිලා සී.සී.
28න් පහළ 16න් බාලිකා 400මි. තත්පර 57.33 චෙනාඩි දේවහර බෙන්දරගේ ගාමිණී ජාතික පාසල, බෙන්තොට
29න් පහළ 16න් බාලිකා 100මි.මී. 15.31 තත්පර එච්.ඒ. ලක්ෂ්‍ය සඳලි රාජකීය ජාත්‍යන්තර පාසල, කුරුණෑගල
30න් පහළ 16න් බාලිකා 300මි.මී. 45.99 තත්පර ජී.ආර්. ධර්මදාස ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, කෑගල්ල
31න් පහළ 16න් බාලිකා 3000මි.මී. ආර්.ඩබ්ලිව් තත්පර 17:33.6 තත්. ටී.වී. ලෙහාරා සමින්දි ගාල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය
32න් පහළ 16න් බාලිකා දුර පැනීම 5.96 මි.මී. දිල්නි රාජපක්ෂ ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
අවුරුදු 16න් පහළ බාලිකා යගුලිය දැමීම මීටර් 12.68 දිල්කි දෙව්මිණි කරුණාරත්න විශාඛා විද්‍යාලය, කොළඹ
අවුරුදු 16න් පහළ බාලිකා තුන්පිම්ම මීටර් 11.66 දිල්නි රාජපක්ෂ ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
වාර්තා සම කිරීම්
1 23න් පහළ පිරිමි තුන්පිම්ම මීටර් 16.13 එම් ආර් මලිත් යසිරු ශ්‍රී ලංකා යුද හමුදාව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම...

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...