අගමැති රනිල් සහ මෙරට චීන තානාපති අතර හමුවක් …

0
562

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට චීන තානාපති Qi Zhenhong මහතා අතර හමුවක් පෙරේදා (14) පැවැත්වී තිබේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහ ශක්තිමත්ව ආධාර කරන බවත් වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රවලදී සහාය ලබාදෙන බවත් චීන තානාපතිවරයා අගමැතිවරයාට සහතික වී ඇති බවයි මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ.

එමෙන්ම ආපසු ගෙවීමේ කාලය පැමිණ ඇති ණය සම්බන්ධයෙන් ද චීන බැංකු ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි තානාපතිවරයා දැනුම් දී ඇත්තේ.

RN