ප්‍රමිති වාර්තාව ප්‍රශ්නයක් නැත්නම් අදම ඩීසල් ගොඩබෑම අරඹනවා – ඛනිජ තෙල් ඇමති

Date:

ඉන්දියානු ණය ආධාරමත මෙරටට පැමිණෙන අවසන් ඉන්ධන (ඩීසල් ) නෞකාව අද (16) දින දිවයිනට පැමිණීමට නියමිත අතර එහි ඉන්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.

ඒ, පවතින ඉන්ධන සැපයුම ගැන නවතම තොරතුරු දැනුම් දීම සඳහා කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

එම ප්‍රමිති වාර්තා ලැබීමට පැය 06ක පමණ කාලයක ගත වන අතර ඒවායේ ගැටළුවක් නැත්නම් ඩීසල් ගොඩ බෑම අදම ආරම්භ කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

”මෙට්‍රික්ටොන් 40,000කට ආසන්න ඩීසල් නෞකාවක් ළඟා වෙන්නේ. මේ වන විට එහි පරීක්ෂණ කටයුතු සිදුකෙරෙනවා. එම ගැන වාර්තාවක් ලබා ගත යුතුයි. ඒ වාර්තාව ගන්න පැය 06ක පමණ කාලයක් ගත වෙනවා. එම වාර්තා ගැන ගැටළුවක් නොමැති නම් අද සවස් කාලයේ ඉඳල ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු සිදුකරනවා. දැනට තිබෙන සංචිත තුළ පවතින ඩීසල් බෙදා හැරීම කළමනාකරණයක් ඇතුව තමයි සිදුවෙන්නේ. අපි ඉලක්ක කරලා තිබුණේ අපේ තිබෙන සංචිත එළඹෙන 21 වැනිදා දක්වා කළමනාකරණය කරන්න. අද ලැබෙන නෞකාවත් එක්ක අපිට එය තව පහසු වෙයි කියල හිතනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...