සටහන – රුවන් නෙළුගොල්ල
පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් සහ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් වශයෙන් රජය දැනට ලබාදෙන ඉන්ධන සහනාධාරය ජුනි මාසයෙන් අවසන් වන බවත් එයින් පසු ඉන්ධන මිල වැඩිකෙරෙන්නේද, නැද්ද යන්න පිළිබඳව ඉන් පසුව පවතින තත්වය අනුව සලකා බැලෙනු ඇති බවත් මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය, කම්කරු අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
“දැන් ස්ථාවරව කිව්වොත් මේ වැඩසටහනේදී අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ මාස තුනක් සඳහා. මේ මාස තුනෙන් පස්සේ පවතින තත්වය අනුව – මං කිව්වානෙ අපි හොයාගෙන තියෙනවා කියලා කෑෂ් බෆර් එකක්, ඒ වගේම සැලකියයුතු ආකාරයක ස්ථාවරත්වයක් අපි ගොඩනගාගෙන තියෙනවානෙ. එතකොට එතෙන්දී අපි ගණනය කරලා බැලුවේ මේ මිල ගණන් වර්ධනය වීම්, මිලට බලපාන හැටි, මහජනතාවගේ තෝරාගත් කොටස්වලට බලපාන හැටි ගණනය කරලා බලලා තමයි මාස තුනකට දුන්නෙ. එතකොට මේ සියලු සහන මාස තුනෙන් අවසාන වෙනවා. හැබැයි මාස තුනෙන් පස්සේ අපට අපේක්ෂා නොකරන තත්වයක් නිර්මාණය වුණොත් අපි එතෙන්ටත් සූදානම් ඒකට අවශ්ය කරන මුදල් එකතු කරගන්න. මොකද අපේ රාජ්ය මූල්ය කළමනාකරණයේදී මේ ජුනි අද 15 – 8 වෙනිදා වෙනකොට වාර්තා වෙලා තියෙනවා අපි අපේක්ෂා කරන රාජ්ය ආදායම 120%කින් එකතු කරමින් තියෙනවා. එතකොට අපිට ඕනෙම තත්වයකදී යම් ආකාරයකට කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැනට ඔබේ ප්රශ්නයට පිළිතුරු දුන්නොත් මේ දෙන සහනාධාර මාස තුනෙන් අවසාන වෙනවා”
ප්රශ්නය – ඒ කියන්නෙ නැවත සහනාධාරයක් දෙන්නත් හැකියාව තියෙනවාද ?
“පුළුවන්, පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම අපිට පාලනය කරගන්න බැරි තත්වයකදී – ඒ කියන්නෙ බාහිර සාධකයක් නිසා, නැවතත් යුද්ධය පටන් ගන්නවා හෝ වෙන රටවල් දෙකක් යුද්ධයක් පටන් ගන්නවා කියමුකො – එහෙම සාධකයක් නිසා බාහිර කම්පනයකදී අපි සහන දෙන්න මැදිහත් වෙනවා”
අනිල් ජයන්ත ප්රනාන්දු අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.


