ඇමෙරිකාවට රිදෙන්න ගහයි

Date:

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ගත් විට ශ්‍රී ලංකාව දැවන්ත ඉදිරියක් පෙන්නන එකම තැන ක්‍රිකට්ය.නමුත් වඩාත් ක්‍රීඩාවට හිතෛශී හැසිරීම් සමඟ වැඩෙන ඇමෙරිකාවේ ක්‍රිකට් මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තේරීම් තරග සඳහා පිවිසීම,ඇමෙරිකාවේ ක්‍රිකට් සමඟ සසදන විට විශාල ඉදිරි පියවරකි.ඒ අනුව ශ්‍රී ලංකාව,බටහිර ඉන්දීය කොදෙව් වැනි එක්දින පිටියේ ආධිපත්‍යය පැතිර වූ කණ්ඩායම් ලෝක කුසලානයට තරග වැදීම සදහා මෙම තේරීම් තරග වටයට මුහුණ දීම පසුබෑමකි.
නමුත් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඊයේ මෙම සුදුසුකම් තරගාවලියේ දී පෙර පුහුණු තරගයකදී හමු වූ විට ඔප්පු වූයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තවමත් ඇමෙරිකාවට බොහෝ ඉදිරියෙන් තිබෙන බවය.ඒ අනුව එම තරගය නිමාවේ ශ්‍රී ලංකාවේ නම ඉදිරියේ දැවන්ත ලකුණු 198 ක ජයක් හිමිවිමය.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඉදිරියේ පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 5 ක් දැවී ලකුණු 392 ක් සටහන් වී තිබිණ.එම ලකුණු ප්‍රමාණයට දිමුත් කරුණාරත්න පන්දු 100 දී ලැබූ ලකුණු 111 ක් සහ කුසල් මෙණ්ඩිස් පන්දු 91 දී ලැබූ ලකුණු 105 ක් ඇතුළත් විය.දිමුත් අතර මැද දී සිය ඉණිම නිමවා පිටියෙන් ඉවත් විය.ඒ සමඟම චරිත් අසලංකගේ පිත්තෙන් පන්දු 37 දී නොදැවී එකතු වූ ලකුණු 67 ක් සහ නායක දසුන් ශානක පන්දු 30 දී ලැබූ නොදැවී ලකුණු 61 ත් ශ්‍රී ලංකා ඉණිමේ පෝෂණයට දායක විය.ඇමෙරිකානු පන්දු යවන්නන්ට තරගය පුරා හයේ පහර 12 ක සංග්‍රහයක් හිමි වූ අතර ඉන් හයක් කුසල් මෙණ්ඩිස් ද,4 ක් චරිත් අසලංක ද,2 ක් දසුන් ශානක ද එල්ල කළහ.


පන්දු යවන්නන් අතරින් වඩාත්ම නරක අත්දැකීමට මුහුණ දුන්නේ අලි ඛාන් ය.ඔහු පන්දු ඕවර් 10 ක් යවා ලකුණු 102 ක් ලබා දෙමින් එක් කඩුල්ලක් පමණක් දවා ගත්තේය. ඉන්දීය අවුරුදු 19 න් පහළ ජාතඛ කණ්ඩායම නියෝජනය කර තිබෙන සව්රාබ් නේත්රාවල්කාර් ලකුණු 60 ට කඩුලු දෙකක් දවා ගත් අතර පකිස්තානයේ උපත ලද උස්මාන් රෆීක් ලකුණු 57 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉණිමේදී ඇමෙරිකාව වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා විය.එක් අර්ධ හථකයක් වාර්තා කළේ නායක මොනාක් පටෙල් ය.ඉන්දියාවේ ගුජරාටයේ උපත ලද ඔහු ලකුණු 68 ක් ලැබීය.පකිස්තාන් අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම පවා නියෝජනය කර ඇති ශයාන් ජහන්ගීර් නොදැවී ලැබූ ලකුණු ප්‍රමාණය ලකුණු 63 ක් විය.මේ දෙදෙනාම සෙමින් ලකුණු ලැබීම වෙනුවට ප්‍රහාරාත්මක ඉණිම් හරහා ලකුණු ලබා ගත් අතර මොනාක් පටෙල් ලකුණු 68 සඳහා පන්දු 44 ක් පමණක් වැය කළ අතර ජහන්ගීර් ලකුණු 63 ලබා ගත්තේ පන්දු 51 න් ය.


චෙන්නායි වේගය ඇමෙරිකාවට එරෙහිව දැඩි පීඩනයක් ඇති කළ අතර මතීශ පතිරණ යවන ලද පන්දු ඕවර් 6 අවසන ලකුණු පූවරුවේ සඳහන් වූයේ එක් නිලකුණු පන්දු ඕවරයක් ද සමඟ ලකුණු 23 ට කඩුලු 4 ක් ලෙස ය.වනිඳු හසරංග ලකුණු 32 ට කඩුලු 2 ක් සහ කසුන් රාජිත ලකුණු 28 ට කඩුලු 2 ක් දවා ගත්හ.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන සබඳතාවය ය.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-warm-up-matches-2023-1379547/sri-lanka-vs-united-states-of-america-warm-up-1379567/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...