සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): පරිසර අමාත්‍යාංශයට ලැබෙන අභියාචනා විභාග කිරීමට නීති නිලධාරියෙකු නොමැති වීම හේතුවෙන් මාස පහක පමණ කාලයක් එම කටයුතු අතරමග නැවතී ඇත.
කැනීම් සම්බන්ධයෙන් නිකුත් කරන බලපත්‍රවලට අදාළව ඉදිරිපත් කරන අභියාචනා මෙන්ම පරිසර බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අභියාචනා රැසක් විභාගයට ගැනීමට නොහැකි වි ඇති අභියාචනා අතර ගොඩගැසී ඇති අතර මේ නිසා අදාළ අභියාචනා ඉදිරිපත් කරන පුද්ගලයින් පත්ව ඇත්තේ දැඩි පීඩාවකට බව සඳහන් .
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් කෝප් කමිටුවේද අවදානය යොමු වී ඇති බවත් , නීති නිලධාරියෙකු බඳවා ගැනීමට අනුමැතිය ලබා දෙන්නැයි කළමනාකාරණ සේවා දෙපාර්තමේන්තුවෙන්ද ඉල්ලීමක් කර ඇති බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??