දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට ගැසට් නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව  යන දෙපාර්තමේන්තු දෙක වසා දැමීමට තීරණය කරමින් රජය නිවේදනයක්  විසින් නිකුත් කරනු ලැබ  ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ , මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඈවරකරු) පී.එච්. ඒ.එස් විජයරත්න මහතා විසිනි .

පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලද බවද  එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ අතර ක්‍රියාශීලීත්වය අතින් පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් වසා දැමීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා පැවසූ අතර මේ වනවිට මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගනු ලැබ ඇත. ඒ  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...