*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

හොංකොං වැස්සෙන් ලංකාවට හානි

නැගී එන ආසියාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර හොංකොං හී පැවත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන වරටත් විසදුමක් නැති තරගයක සම ලකුණු ලබන්නට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට අද සිදු වුණා.මීට පෙර බංගලාදේශය සමඟ පැවත්වීමට නියමිතව තිබූ තරගයේදී ද වර්ෂාව නිසා තරගය අතහැර දැමූ අතර අද ද එම ඉරණමටම ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදු වුණා.

ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ජය ගනු ලැබූ අතර ඉන් අනතුරුව පැවති තරග දෙකම වර්ෂාව නිසා අත් හැර දැමුණා.ජූනි 14 දා සිට හොංකොං නගරයට වර්ෂාවෙන් එල්ලවන බාධා නිසා පවත්වන්නට හැකි වී ඇත්තේ එක තරගයක් පමණයි.අද පස්වරුවේ පැවත්වෙන තරගය ගැන මේ දක්වා තීරණයක් ගෙන නැති අතර එම තරගය හැරණු විට 14 දා සිට මේ දක්වා පැවත්වීමට නියමිතව තිබූ තරග පහෙන් හතරක්ම අතහැර දමා තිබෙනවා.

දැනට තරග දෙක බැඟීන් වර්ෂාව නිසා අහිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවට සහ බංගලාදේශයට පමණයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan