අපේ කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ. ඩලස්,දයාසිරිත් අපි එක්ක එකතු වෙන්න ඉන්නේ – තිස්ස

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීම සදහා මේ වනවිට සාකච්ජා සිදුවෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

තිස්ස අත්තනායක මේ බව පැවසූවේ ඊයේ (16) පස්වරුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත ප්‍රදේශයේ සමඟි ජන බාලවේගයේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”සමඟි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. දින 10 ක් තුළ 20 ලක්ෂයක් සාමාජිකයන් පක්ෂයට එකතු කරනවා. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ ක්‍රියාවලිය කරන්නේ. මැතිවරණය කල් දාන්න බෑ. ආණ්ඩුව වැඩ කළා නම් මිනිස්සු ඉස්සරහට එන්න බය ඇයි කියලා අපි අහනවා. දේශපාලන කල්ලි සන්ධාන බිහි වෙනවා. දැන් 69 ලක්ෂයේ අය එකතු කරනවලු. නමුත් ඒ අය නිසා මේ රට බංකොලොත් වුණා. අපේ පක්ෂයේ අය ආණ්ඩුවට යනවා කිව්වට ඒක වෙන්නේ නෑ. මේ ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙන්න පුලුවන්. සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ද පදනමට කිසිම හානියක් වෙලා නෑ. සියලු ජාතීන්ගේ ජන්ද අපිට ලැබෙනවා. ජන්ද ලක්ෂ 55 වැඩි කරගැනීමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. ඇත්තටම එජාපය සහ සමඟි ජනබලවේගය කියලා දෙකක් නෑ.දෙකම එකයි. ඒ වගේම බොහෝ පක්ෂවල අය අපි එක්ක එකතු වෙන්න සාකච්ඡා කරලා තිබෙනවා.” යනුවෙන් අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...